එයාට ඕන මාව විනාශ කරන්න නම් මම ඒවාට සැලෙන්නේ නෑ – චුලක්ෂි රණතුංග

කළා ලෝකයේ ඉන්න සරාගීම රංගන ශිල්පිනිය විදියට හැමෝගෙම සිත් සොරාගෙන ඉන්න රංගන ශිල්පිනිය තමයි චුලක්ෂි රණතුංග කියන්නේ , 2014 වසරේ මිස් ශ්‍රී ලංකා කිරුළ සහ 2017 වසරේ දී ලෝකයේ හොඳම නිරූපිකාව කිරුළ දිනා ගත් චුලක්ෂි නිරූපිකාවක විදියට ලංකාවේ හැමෝම අතර ජනප්‍රිය වුනා, ඉන්පසු ඇය ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ ‘දේදුණු ආකාසේ’ චිත්‍රපටය හරහා සිනමාවට එකතු වෙනවා. ඉන්පසු ඇරඹු සිනමා දිවියේ මේ වනවිට ඇය රංගන දායකත්වය ලබාදෙන සියල්ලම වගේ ලාංකේය ප්‍රේක්ෂකයන් අතර අතිශය ලෙස ජනප්‍රිය වෙනවා. ඉතින් අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ ඔයාලා හැමෝම ආදරේ කරන චුලක්ෂි රණතුංග සමග

චුලක්ෂි දැන් අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක් ඉතින් චුලක්ෂි කැමති ජනප්‍රියම නිළිය වෙන්නද හොඳම නිළිය වෙන්නද ”මට ජනප්‍රියම නිළිය වෙන්න ඕන නෑ, මට ඕන දක්ෂතම වගේම හොඳම නිළිය වෙන්න. ඒ වගේම කවුරු හරි කියනවනම් චුලක්ෂි කියන්නේ රූ රැජිණක්, නිරූපිකාවක් විතරයි කියලා මම කැමතියි ඒ දෙයින් බැහැරව ලැබෙන ඕනෑම චරිතයකට පන පොවන්න, ඒ අභියෝගය මම ඕනෑම වෙලාවක බාරගන්නවා”

අපි දකිනවා චුලක්ෂි ගොඩක් සුන්දර සිරුරක් පවත්වාගෙන යනවා ඉතින් කියන්නකෝ බලන්න කොහොමද ඔච්චර ලස්සනට ඉන්නේ මොකද්ද රහස..? ”රහස තමයි ජිම් එක මම අනිවාර්යෙන් ජිම් යනවා මම කේෂේත‍්‍රයට එද්දි කිලෝ 75 ක් බරයි, ජිම් ගිහින් වක් අවුට් කරල තමයි මම මගේඇඟ මේ විදියට හදාගත්තේ, මම මේ වෙනුවෙන් ගොඩක් ලොකු කැපකිරීමක් කළා මම ආස කෑම පවා මම කන එක නතර කළා, ජිම් යන්න බැරිවුණ දවසට මම ගෙදර ඉඳගෙන ව්‍යායාම කරනවා එක තමා රහස”

ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න චුලක්ෂි සයිබර් බුලින් ගැන කිවුවේ මේ වගේ කතාවක් ”ශෝෂල් මීඩියා වලට පුළුවන් ඕනෑම චරිතයක් හදන්න වගේම නැති කරලා දාන්නත්, 580K තියෙද්දී මගේ ඉන්ස්ටර් ග්‍රෑම් ගිණුම කෙනෙක් හැක් කළා, මට හිතාගන්න බෑ කෙනෙක් ඒවගේ දෙයක් කරනවානම් එහෙම කරන්න පෙළඹෙන්නේ ඇයි කියලා, එයාට ඕන මාව විනාශ කරන්න නම් මම ඒවාට සැලෙන්නේ නෑ,”

Related Posts

Leave a Reply

Your email address will not be published.