Tue. May 17th, 2022

පුංචි තිරයේ වැඩිම වාරගනනාවක් අම්මාගේ චරිතයට පන පොවපු රංගන ශිල්පිනියක් තමයි අංජලී ලියනගේ කියන්නේ. ඉතින් ඇය සමග මොහොතකට දොඩමලු වෙන්නයි මේ සුදානම. අංජලී පුංචි තිරයේ නිතරම ලැබෙන්නේ අම්මගේ චරිතය නේද? ”ඇත්තටම ඔව්, මම හිතුවෙවත් නැති විදියට මට ඒ ටයිටල් එක ලැබිලා. ඉතින් ඒ ආදරේට මම ගොඩක් කැමතියි, නිතරම 40-50 අතර අම්මගේ චරිතය තමයි මට ලැබෙන්නේ. ඉතින් ලබන ආදරණීය ප්‍රතිචාර ගැන මට ගොඩක් සතුටුයි.”

අම්මා චරිතයෙදී වැඩියෙන්ම හිතට දැනුන දුව හෝ පුතා කවුද? ඇත්තටම ඒක ගොඩක් අමාරු ප්‍රශ්නයක්. ඒ ගැන හරියටම කියන්න ගොඩක් අමාරුයි. මොකද ඕක මගේ දුවලා පුතාලා තරහා කරන වැඩක්. මෙහෙයි මම වැඩිම කාලයක් අම්මා වුනේ දෙවෙනි ඉනිමේ දෙව්මිටයි ධනුකටයි, ඒ කියන්නේ නයනතාරටයි දේව් සුරෙන්ද්‍රටයි, ඒ දුවයි පුතයි ඇත්තටම හරිම සහයෝගයෙන් වැඩ කරන දෙන්නෙක්. අවුරුදු හතරක් තිස්සේ තවම එක වගේ පොඩ්ඩක්වත් තරහා වෙලා නෑ, ඉතින් ඒ වගේ අය එක්ක වැඩ කරන්න පහසුයි”

අංජලීගේ දුවත් බර බරේ දාන්නේ නැද්ද පුංචි තිරයේ එක එක දුවලා හුරතල් කරද්දී ”අම්මෝ සමහර වෙලාවට ඊර්ශයා වෙන වෙලාවල් තියෙනවා, මම වෙන දුවල හිරතල් කරද්දී එයා මාත් එක්ක කතා ක්‍රන්නේවත් නෑ. එත් මම කරන්නේ ඒ වෙලාව ඒ රංගන ශිල්පිනියට කතා කරලා දුවත් එක්ක කතා කරන්න දෙනවා, මෙන්න ශෝක් අක්කි කෙනෙක් කියලා එතකොට ටිකක් ශේප් මගේ දුව තාම ඉගන ගන්නවා, හැබැයි පොඩ්ඩක් රණ්ඩු උනාම කියනවා ඒ අයම හුරතල් කර කර ඉන්න කියලා, මගේ දුව මට හරිම ආදරෙයි එයාට ඕන නිතරම හුරතල් වෙවී ඉන්න, ඒ තමයි මගේ පන”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *