එදිරිමුණි අයියගේ පිටපත දිග උනාට මම ඒක දාලා යන්නේ නෑ – නෙත්මි රොෂෙල්

ටීවී දෙරණ කියන්නේ කළා ලෝකයේ අලුත් අලුත් වෙනස්කම් රැසක් සිදුකරන නාලිකාවක් විදියට හැමෝම අතර ජනප්රියි, ඉතින් ටීවී දෙරණ නාලිකාවේ විකාෂනය වන හැමෝම අතර ජනප්‍රියම ටෙලිනාට්‍ය තමයි දෙවෙනි ඉනිම කියන්නේ, ඉත්න් දෙවෙනි ඉනිම නාට්‍ය හරහා කාගේත් අවදානය දිනාගත්ත වගේම එක රැයකින් ලංකාවේම ආදරේ දිනාගන්න සමත්වුණ රංගන ශිල්පිනියක් තමයි නෙත්මි රොෂෙල් කියලා කියන්නේ, ඉතින් අද අපේ කතාබහ නෙත්මි රොෂෙල් සමගයි, ඉතින් රොෂෙල් කොහොමද මේ දවස්වල මොකද වෙන්නේ ”මේ දවස්වලනම් කළා කටයුතු එක්ක ටිකක් කාර්යබහුලයි, දෙරණ නාලිකාවේ විකාශනය වන දෙවෙනි ඉනිමේ ෂූටින් වලට සම්බන්ද වෙනවා, ඒ වගේම මේ දවස්වලම ඒ නාලිකාවේ නිවේදිකාවක් විදියටත් කටයුතු කරනවා, ඒ වගේ වැඩ තමා ඉතින්”

දෙවෙනි ඉනිම පටන් ගන්න කාලයේ හිටපු ආක්ශාට වඩා දැන් ඉන්න ආක්ෂාට ලැබෙන ප්‍රතිචාර වෙනස් නේද ”ඔව් ඔව් අම්මෝ දෙවෙනි ඉනිමට ආක්ෂා ආව කාලේ ආක්ෂා හරිම නපුරුයි හැබැයි කාලයක් එක්ක ආක්ශාගේ ඒ නපුරු කම අඩුවෙන්න අඩුවෙන්න ලැබුන ප්‍රතිචාර ඉක්මනටම වෙනස්වුනා, ඒ දවස්වල මම කොච්චර නපුරුද කියනවනම් ප්‍රේක්ෂකයෝ පවා මට එච්චර කැමති වුනේ නෑ, හැබැයි දෙයියනේ කියලා දැන් නම් ඒ ප්‍රශ්නේ නෑ, ඉස්සර සමහර අය මගෙන් අහනවා ඔයා ඇත්තම ජීවිතෙත් ආක්ෂා වගේ නපුරුයිද කියලා, හැබැයි මාත් එක්ක කතා කලාම තේරුම් ගන්නවා මම එහෙම නපුරු නෑ කියලා”

ඉවර වෙන්නේ නැති එදිරිගේ පිටපතට සමුදෙන්න හිතිලම නැද්ද..? ”මෙහෙමයි ඇත්තම කියනවනම් මම කලාවට සම්බන්ද වෙන්න හීනෙකින්වත් හිතුව කෙනෙක් නෙවෙයි, රංගනය මගේ ජීවිතය මේ වෙනස් කරාවි කියලා මම කවදාවත් හිතුවේ නෑ, අවුරුදු කුමරිය වුනාට පස්සේ මම මුලින්ම රඟපෑවේ සංකාරන් ටෙලිනාට්‍යයේ හැබැයි මම වැඩියෙන්ම ජනප්‍රිය වුනේ දෙවෙනි ඉනිම නිසා. දැන් මට මේ ලැබෙන ආදරය අයිති දෙවෙනි ඉනිමට, ඉතින් එදිරිමුනි අයියගේ පිටපත දිග උනාට මම දෙවෙනි ඉනිම දාලා යන්නේ නෑ”

Related Posts

Leave a Reply

Your email address will not be published.