‘එදා මාව දනගස්සල තියලා ඇතුලට ගත්තේ’ සුදු රෝස මලක් වගේ සුන්දර ශෂී කියන කතාව

මියුසික් වීඩියෝවක් හරහා කලා ක්ෂේ ත්‍රයට පියවර තබන ඇය මේ වන විට නවක පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක්. මියුසික් විඩියෝ 200 ට වඩා පෙනී සිටි ඇය රෂ් චිත්‍රපටය ද සහභාගි වෙනවා. නමින් ඇය ශෂී ඇංජලීනා. මේ සූදානම ඇය ගැන කතා කරන්නයි. ඔබ රංගනය විතරද මේ දිනවල කරන්නේ, දැනට නම් කරන්නේ රංගනය විතරයි. හැබැයි දිගටම මේ කේෂ්ත්‍රයේ රංගනයෙන් ජීවත් වෙන්න බලාපොරොත්තුවක් නෑ. මොකද අපිට අපේ දෙයක් තියෙන්න ඕන. ඒ නිසාම මගෙම කියල මගේ විලාසිතා ව්‍යාපාරයක් පටන් අරගෙන තියෙනවා.ඒක ඔන්ලයින් ව්‍යාපාරයක්.

ඔබ රංගනයට ආවේ නැත්තම්, ඇත්තටම මම රංගනයට ආවේ නැත්නම් කවුරු වෙයිද කියලා හිතාගන්න බැහැ. මොකද මම පොඩි කාලේ ඉඳන්ම ආස කළේ රංගනයට. වෘත්තියක් හැටියට තෝරා ගනිද්දී ක්‍රීඩා ගුරුවරියක් වෙන්න ආස කළා. ඒකට හේතුව මම පාසල් කාලයේ දක්ෂ ක්‍රීඩිකාවක්.

ඔබේ පාසල් ජීවිතේ ගැන මතක් කලොත්, ”මට පාසල් කාලේ තුළ සුන්දර මතක තියෙනවා.අදටත් ඒ මතක හරිම සුන්දරයි. මට මතක තියෙන සුන්දර මතකයක් තමයි අපේ ඉස්කෝලේ ලඟ කඩයක් තිබුණා. ඒ කඩේ කට්ට සම්බෝල එක්ක පාන් කන්න අපි හරි ආසයි. දවසක් අපි ඒ ආසාව නිසාම පන්තියක් කට් කරලා පාන් කන්න ගියා. හැබැයි අපේ පන්තියට එද්දී අපේ ගුරුතුමිය ඇවිල්ලා. පන්ති භාර ගුරුතුමිය මැඩම් එක්ක කතා කරලා තමයි අපිව පන්තියට ගත්තේ. හැබැයි ඒ ගත්තේ නිකන්ම නෙමෙයි. අපිට වේවැල් පහර දීලා පැය ගානක් දනගස්සලා තියලා තමයි අපිව ගත්තේ. ඔය විදිහට අපි ඉංග්‍රීසි පීරියඩ් එක කට් කරලා සෙල්ලම් කරන්න යන්නත් කැමතියි.”

ඔබ රඟපාන්න ආස චරිත ඔබට ලැබුණ ද, එහෙම වුණේ නැහැ. මම ආවේ මියුසික් වීඩියෝ හරහා. ගොඩක් වෙලාවට මියුසික් වීඩියෝවල මම කලේ විරහව සමීප කරගත්ත චරිතයක්. ඒ නිසාම රංගනයට එද්දිම මාව එක රාමුවකට කොටු වුණා. හැබැයි මම ආසයි විවිධ චරිත රඟපාන්න. විශේෂයෙන්ම ගැමි චරිත.”

ජීවිතය ගැන දැනෙන දේ කිව්වොත්, ”ජීවිතේ ගැන හිතද්දී සමහර තැන් වල දී කළකිරීමක් දැනෙනවා. හැබැයි සමස්තයක් විදියට ගද්දි ජීවිතය ගැන සතුටු වෙන්න පුළුවන්.කලාවට ආව එක ගැන නම් මම ගොඩක් සතුටු වෙනවා .ඒක ලොකු භාග්‍යක් විදියටයි මට දැනෙන්නේ.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *