Tue. May 17th, 2022

ෂර්මිලා රාජපක්ෂ කියන්නේ කාලයක් බොහෝ දෙනෙක් කතා කරපු චරිතයක්. ඇය ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරියයි. ඇගේ තනතුර ගැන බොහෝ දෙනෙක් විවිධ මත පළ කළා. ඉතින් අපි හිතුවා ගැන කතා කරන්න. ඔබ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂකවරිය වශයෙන් හැම මොහොතකම නිරීක්ෂණ කටයුතුවල යෙදෙනවා ද, සියලු සත්වෝද්‍යාන වලට මම මාසෙකට සැරයක් යනවා. ගිහින් සියල්ල හොයා බලනවා. කාමරයකට කොටු වෙලා ආයතනික වැඩ කරන්න බැහැ. අපි සේවිකයෝ එක්ක එකතු වෙලා තමයි වැඩ කරන්න ඕනේ. එතකොට තමයි සේවකයන්ට වුණත් වටිනාකමක් ලැබෙන්නේ.

ඔබේ නමත් රාජපක්ෂ නිසාම කිසියම් නෑදැ කමකටද ඔබට මේ තනතුරු ලැබුණේ, මගේ නම රාජපක්ෂ තිබුණා කියලා ජනාධිපතිතුමා මගේ නෑදෑයෙක් කියලා කියන්නේ කොහොමද. මට නෑදෑයෙකු ට වඩා ගොඩක් සමීප සම්බන්ධතාවයක් එතුමා එක්ක තියෙනවා. ඇත්තටම මම එතුමාව දන්නේ 2015 වර්ෂයේ ඉඳලා. ඒ ජනාධිපති වෙන්නත් කලින්. එතුමා මට මේ තනතුරු දුන්නේ මගේ සුදුසුකම මත. එතුමා මට යෝජනා කරද්දී මේ තනතුරු අරගෙන භාරගෙන වැඩ කරන්න කියලා මට අකමැති වෙන්න කිසිම හේතුවක් තිබුනේ නැහැ.

ඔබ ගෙවන කාර්යබහුල ජීවිතයත් එක්ක ඔබට ගෙදර අමතක වෙලාද, මමයි මගේ සැමියායි ඉතාම කාර්ය බහුල ජීවිතයක් තමයි ගෙවන්නේ. හැබැයි අපි දෙන්නම අපේ දුවගේ වැඩකටයුතු හොයලා බලලා කරනවා. මම ගෙදර යනතුරු එයා බලාගෙන ඉන්නවා. එයාට කෑම කවන්න ඕනෙත් මම. උයන වැඩ නම් කරන්නේ මගේ අම්මා. මොකද මට ඒකට ඇත්තටම වෙලාවක් නැහැ.

ඔබට සමාජ මාධ්‍ය වලින් ලැබෙන ප්‍රතිචාර කොහොමද, මම මුලින්ම ඔෆිස් ගිය දවසේ ගොඩක් අය හිතලා තියෙන්නේ මම අවිවාහක කෙනෙක් කියලා. මම විවාහ වෙලා දුවෙක් ඉන්නවා කියද්දි හැමෝම පුදුම වුණා. කොහොමත් මගේ වයසට වඩා බාල පෙනුමක් තමයි මට තියෙන්නෙ. කොහොම උනත් මට ලැබෙන ප්‍රතිචාර බොහොමයි. පිරිමි අයට වඩා ගැහැනු අය තමයි ගොඩක් ආදරණිය මැසේජ් එවන්නේ. කාන්තාවක් විදියට මම මේ දරන තනතුර ගැන කාන්තාවෝ ගොඩක් සුබ පතනවා මට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *