‘එක එක කළාකරුවෝ කියන දේවල් වලට රැවටෙන්න එපා’ බිමල් ජයකොඩි

හරි දේ හරි විදියට කරන ප්‍රතිපත්තිගරුක රංගන ශිල්පියෙක් විදියට ඔහු සමාජගත වී අවසන්. ජීවිතයේ ලැබෙන හැමදේම සමබරව භාරගෙන කලාව තුළ නිහතමානී ගමනක් යනවා ඔහු සිනමාව පුංචි තිරය ජය ගෙන අවසන්. බිමල් ජයකොඩි නම් ඔහු ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයේ නොමැකෙන නමක් සටහන් කරපු අපූරු රංගන ශිල්පියෙක්. ඉතින් මේ සූදානම් ඔහු ගැන කතා කරන්න. අද වන විට බොහෝ ටෙලි නාට්‍යය තුළ ඔහුගේ රුව දකින්න පුළුවන්.

ඔබේ බිරිඳත් කලා ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්. ඉතින් ඔබ රඟපාන චරිත ගැන බිරිඳගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද, මම කරන වැඩක යම් අඩුපාඩුවක් මට දැනුනොත් මම ඒ ගැන මුලින්ම අහන්නේ එයාගෙන්. සමහර නිර්මාණවල චරිත වලදී අපි දෙන්න වාද කරනවා. හැබැයි කතා කරලා අවසානයේ එක තැනකට එනවා. මගේ බිරිඳ මගේ හොඳ රසිකාවියක්. අනික සුජානි කියන්නේ බුද්ධියෙන් වැඩ කරන කෙනෙක්. මගේ ගමන යන්න මට එයාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.

කලින් කලට මැතිවරණ පවත්වද්දි කලාකරුවෝ එළියට බහිනවා. ඉතින් මේ ගැන කතා කළොත්, මැතිවරණ වලට කඩේ ගිය කලාකරුවෝ දිහා ඇස් ඇරලා හොඳින් බැලුවොත් ඔවුන් ගිහින් තියෙන ඔවුන්ගේ අභිමතාර්ථයන් ඉෂ්ට කරගන්න විතරයි. කෙටියෙන්ම ඔවුන්ගේ වාසිය තමයි ඔවුන් අපේක්ෂා කරන්නේ. මම හිතන්නේ කලාකරුවෝ කරන්නේ මැතිවරණ කාලයේදී ජනතාව පාවිච්චි කරන එක. ඔවුනොවුන්ගේ වරප්‍රසාද ඉල්ල ගත්තට පස්සේ කිසිම කෙනෙක් වෙනුවෙන් ඔවුන් හඬ නගන්නේ නැහැ. මම හිතන්නේ ජනතාව මැතිවරණ කාලයේදී කලාකරුවෝ කියන වචන වලට නොරැවටිය යුතුයි. මොකද ඔවුන් කරන්නේ ඒ කාලයේදී ජනතාව පාවිච්චි කරන එක. ඔවුන් ඔවුන්ගේ පඩිය වැඩි කරගෙන වත්කම් යානවාහන හම්බ කර ගත්තත් ජනතාව වෙනුවෙන් වත් කලාකරුවන් වෙනුවෙන් වත් හඬක් නඟන්නේ නැහැ. අද වෙනකම් මේ රටේ සිද්ධ වුණේ ඒ දේ.

රට ගොඩනගන්න ඔබ දෙන විසඳුම කුමක්ද, මම හිතන්නේ මේ රටේ මිථ්‍යාව කියන දේ ඒ කියන්නේ වැරදි දේ වපුරන මාධ්‍ය කිසියම් හෝ යන්ත්‍රණයකට සිදුවිය යුතුයි. ඒ වගේම ජනතාව මීට වඩා බුද්ධියෙන් වැඩ කරන්න ඕනේ. හරි තොරතුරු හරි පණිවිඩයක් දැන ගැනීම මේ රටේ ජනතාවගේ අයිතිය වෙනවා. ඉතින් ඒ නිසාම ජනතාව බුද්ධියෙන් වැඩ කරලා මාධ්‍යයෙන් කියන දේ හරි විදියට තේරුම් ගත යුතුයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *