එකට ඉන්න බැරිනම් දෙන්න දෙපැත්තට වෙන එක හොඳයි – කච්චකඩුගේ චතුරිකා සියල්ල එළිපිට කතා කරයි

කළා ලෝකයේ කාගේවත් ආදරේ දිනාගෙන ඉන්න සුන්දර රංගන ශිල්පිනියක් තමයි චතුරිකා පීරිස් කියන්නේ, චතුරිකාගේ සම්පූණ නම තමයි ‘කච්චකඩුගේ චතුරිකා ජයමානි පීරිස්’ කියන්නේ, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ ඔයාලා හැමෝම ආදරේ කරන චතුරිකා සමග, චතුරිකා ඔබ සහ ඔබේ සැමියා ගයාන් දෙන්නම කළා ක්‍ෂේත්‍රයේ ඉන්නේ, ඉතින් ඔයාගේ ළමයි මේ ක්‍ෂේත්‍රයට සම්බන්ද වෙනවට ඔයාලා කැමතිද? ”මම සහ ගයාන් මේ ක්‍ෂේත්‍රයට ආව කාලය ස්වර්ණමය යුගයක් විදියට හඳුන්වන්න පුළුවන්, හැබැයි දැන් මේ ක්‍ෂේත්‍රයේ ඒ රැකවරණය නෑ, මගේ දුවට අවශ්‍ය නම් මේ ක්‍ෂේත්‍රයට එන්න පුළුවන්, මොකද මම සහ ගයාන් දෙන්නම මේ ක්‍ෂේත්‍රයේ නිෂ්පාදිකාවක් සහ ගයාන් අධ්‍යක්ෂක කෙනෙක් විදියට වැඩ කරනවා, ඒ නිසා එයාලගේ අවශ්‍යතාව සම්පූර්ණ කරන්න පුළුවන්, හැබැයි මම කැමති අපේ දෝනි මට වඩා ශක්තිමත් ගැහැනියක් වෙන එකට”

ඔබේ ජීවිතයේ ජනප්‍රියම කාලය සහ දැන් ගෙවන ජීවිතය ගත්තම කොහොම වෙනසක්ද තියෙන්නේ..? ඇත්තටම ඒ කාලයට වැඩිය අද මං නිදහසේ ඉන්නවා, මොකද අද මගේ සතුට රැඳිලා තියෙන්නේ මගේ දුව ළඟ, මම දැන් වැඩක් බාරගත්තත් දුව ගැන හිතලා එයා ළඟ තියාගන්න පුළුවන් නිර්මාණ විතරයි මම බාරගන්නේ, ඉස්සර එකක් ඉවර වෙද්දී තව වැඩක් ගෙදර ඉන්නවත් නිදහසක් නෑ, දැන් එහෙම නෑ මම ගොඩක් නිදහසේ ඉන්නවා”

ඇත්තටම කවුද චතුරිකා පීරිස් කියන්නේ ”චතුරිකා පීරිස් කියන්නේ නිදහසේ ඉන්න කැමති කිසිම ප්‍රශ්නයක් ඔලුවට ගන්නේ නැති චරිතයක්, මොකද මම මට ආව ප්‍රශ්න මගේ ඔලුවට ගත්තනම් අද මම මේ තැන නෑ, එහෙම වුනානම් මම ඉන්න ඕන අංගොඩ, මම කරන්නේ මට හරි කියලා දැනෙන දේ, හැම දෙයක්ම වෙන්නේ පින සහ පවා අනුව කියලයි මම හිතන්නේ, අපිට දෙයක් වෙනවනම් මොන දේ කලත් ඒ දේ නතර කරන්න බෑ, ඉතින් මම කියන්නේ චතුරිකා කියන්නේ ජීවිතේ විඳින කෙනෙක්”

ඉතින් මේ විදියට කාගේත් ආදරේ දිනාගෙන ඉන්න චතුරිකා පහුගිය දවසක හරිම අපූරු කතාවක් කියලා තිබ්බා ඒ ”දැන් මෙහෙ ඉන්න ගොඩක් අම්මලා ළමයි ඉපදුනාම ඒ ළමයි අරගෙන රට යනවා, මම ඒකේ වැරද්දක් දකින්නේ නෑ, හැම අම්මා කෙනෙක්ම කැමතියි තමන්ගේ දරුවාගේ අනාගතේ ලස්සන වෙනවට, මම කියන්නේ දරුවා මෙහෙ ඉපදිලා වෙන රටකට අරන් ගිහින් රැකියාවක් කරන්න පුලුවන්නම් ඒක ගොඩක් වටිනවා, දරුවන් එක්ක තනිවුන අම්මලාට දැන් අපි කියන්නේ සිංගල් මාම් කියලනේ, හැබැයි ඉතින් අපේ අතීතය දිහා බැලුවම පේනවා අපි කොයි වගේ අයද කියලා මොකද එක ගෙයි කාපු මිනිස්සු ඉන්න රටක්නේ මේක, ප්‍රශ්න තියෙනවනම් දෙන්න්නා දෙපැත්තට වෙන එක හොඳයි මොකද අපි දැකලා තියෙනවා තාත්තා අම්මට පොල්ලෙන් දීලා වගේ කතා,” කියලයි,

Related Posts