මනේජ් සංජය කියන්නේ ලංකාවේ නොදන්න කෙනෙක් නැති තරම්. ලංකාවේ පමණක් නොව ඔහුව මේ වන විට විදේශ අයද දන්නවා.හිරු ස්ටාර් සිසන් ටු රියලිටි තරඟය හරහා ප්‍රේක්ෂකයින් හමුවට ආ ඔහු ගැනයි අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ. ගායන හැකියාව මෙන්ම නිහතමානීත්වයද තම ජීවිතය තුළ රඳවා ගනිමින් ඔහු සංගිත ලෝකයේ දිගු ගමක් යන්නේ බොහෝ දෙනෙකුගේ ආදරය එකලෙස විදිමින්.
බොහෝ වෙලාවට සමාජ මාධ්‍ය තුළ ඔහු වඩාත් ප්‍රසිද්ධ වන්නේ මංගල උත්සව තුළ සප්‍රයිස් තුළින්.ආදරවන්තයින්ගේ දිනයේ දී අපූරු සටහන් පෙලක් මනේජ්ගෙ මුහුණු පොත තුළ දකින්න ලැබුණා.ඒ ඔහු බොහෝ දෙනෙකුට නැතත් ඔහුට පුළුවන් ලෙස අසරණ කිහිප දෙනෙකුට පිහිට වෙන අවස්ථා.
ඒ කොහොම වුණත් මනේජ කියන්නේ මේ වන විට පිය පදවිය බලාපොරොත්තු වෙලා ඉන්න සුන්දර ගායකයෙක්. ඔහු අතින් නිර්මාණය වන ගීත බොහෝ විට රසික හදවත් සොරකම් කරන්න සමත් වෙනවා. ඒ වගේම මනේජ්උතුම් පියපදවිය ලබන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලත් අපට දැනගන්න ලැබුනා. පහු ගිය දිනෙක තමත් නොඉපදුන පුංචි පැටියා වෙනුවෙන්ද ඔහු ගිතයක් නිර්මාණය කරන බවයි අපට දැනගන්න ලැබුනේ. ඉතින් මේ ගීතයත් ඔබට ළඟදීම අහන්න පුළුවන් වේවි.