Tue. May 17th, 2022

ඔබත් මමත් හැමෝම කුඩා කාලයේ ගොඩක් ආසාවෙන් නරඹපු ගීතයක් තමයි ‘අප්පච්චී කොහොමද මන් අල්ලන්නේ’ කියන ගීතය. ඉතින් මේ ගීතය ගායනා කරන්නේ හැමෝම ගොඩක් ආදරේ කරන ගායන ශිල්පිනියක් වන නතාෂා පෙරේරා විසින්. ඒ වගේම තමයි අපි හැමෝම ආසාවෙන් නරඹපු ‘දඟ මල්ල’ ළමා ටෙලිනාට්‍යයේත් ප්‍රධාන චරිතයට පන පෙව්වේ නතාෂා විසින්.

ඒ වගේම අතිශය ජනප්‍රිය ගීත රැසක් ගායනා කල ඇය මේ දිනවල කළා ලෝකයතුල වැඩිය පේන්න නෑ. කොහොම වුනත් නතාෂා මේ වනවිට නිතිඥවරිය ලෙස කටයුතු කරනවා. ඉතින් අපි හිතුවා නතාෂා එක්ක ටිකක් කතා කරන්න කියලා, ඇත්තටම නතාෂා ඇයි ප්‍රිහාන් එක්ක අලුත් සින්දුවක් කරන්නෙ නැත්තේ ? ” මෙහෙමයි අපි දෙන්නා වෙන් වෙන් වශයෙන් මේ ක්‍ෂේත්‍රයේ ගමන පටන් ගත්ත නිසා අපි දෙන්නම හිතුවා ඒ විදියට වෙන වෙනම මේ ගමන යන්න. අනිත් අය කරන දේම අපි කරන්න ඕන කියන තැන අපි දෙන්නා නෑ.”

ඇත්තටම නතාෂා- ප්‍රිහාන් දික්කසාද වෙලාද? ”නෑ අපි දික්කසාද වෙලා නෑ. හැමෝම නිතරම අහන ප්‍රශ්නයක් ඕක, මම හිතන්නේ අපි දෙන්නා සමාජා ජාලාවල නිතරම එකට දකින්නේ නැති නිසා වෙන්න ඇති ඒ අය ඒ විදියට හිතන්නේ, හැබැයි අපි දික්කසාද වෙලා නෑ. හැබැයි අපි දෙන්නා වැඩිය එකට ඉන්නේ නෑ එයාටත් ඒකට ලොකු උවමනාවක් නෑ”

ඉතින් ළඟදී දවසක ඇය සමාජ ජලා ගිණුමකට අපූරු සටහනක් එකතු කරලා තිබ්බා ඒ තමයි ‘If it scares you it might be a good thing to try’ කියලා, එත් එක්කම ඇය අපූරු පින්තූර කිහිපයකුත් ඇයගේ සමාජ ජාලා ගිහිනුමට කතු කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *