‘ඉස්සර නංගියෙක් ඉල්ලලා තාත්තට ගොඩක් කරදරලා’ නැගී එන සුපිරි නළු දෙව්නක

දෙව්නක පෝරගේ කියන්නේ මේ දිනවල බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය තරුණ කඩවසම් රංගන ශිල්පියෙක්. පවුලේ එකම දරුවා වන දෙව්නක නීති විද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක් වෙනවා. ඉතින් අපි අද වෙලාව වෙන් කළේ ඔහු ගැන කතා කරන්න. පවුලේ එකම දරුවා වීම ගැන මොකද හිතෙන්නේ, වෙලාවට අම්මයි මමයි තාත්තයි කතා කර කර ඉන්නකොට මම අම්මගෙන් අහනවා අනේ මටත් නංගියි එකට මල්ලියි හරි හිටියනම් කියලා. එතකොට අම්මා කියනවා එහෙම හිටියනම් ඔයාට ඔහොම කවදාවත් ඉන්න ලැබෙන්නේ නැහැ කියලා.

ඉස්සර නම් මම නංගිලා මල්ලිලා ඉල්ලලා අම්මට තාත්තාට කරදර කරල තියෙනවා. තනි දරුවා වීම නිසා මට පවුලේ අවධානය වැඩියි. ඒක ඇත්තටම හොඳ දෙයක් වුනත් වෙලාවකට නම් කරදරයක් කියලත් හිතෙනවා. මොකද එයාලා හැම දෙයක් ගැනම විමසිල්ලෙන් ඉන්නේ. කොහොම උනත් මම අම්මා තාත්තා එක්ක සතුටින් ජීවත් වෙනවා. පවුලේ එකම දරුවා වුණා කියලා මම ආත්මාර්ථකාමී ළමයෙක් නෙවෙයි. සමහර තැන් වල එහෙම හැසිරුණත් මම ගැන දන්න අය දන්නවා මම කවුද කියලා.

ඔබේ වෘත්තිය ගැන කතා කළොත්, වෘත්තියක් විදිහට රංගන කටයුතු කරනවා. ගායනය ආසාවට කරනවා. පොඩි කාලේ ඉඳන් ගායනට ආස කලත් රංගනය නිසා තමයි මට ගමනක් එන්න පුලුවන් වුනේ. රංගනයට අමතරව මම තවම ඉගෙන ගන්නවා. මම නීතිවේදි උපාධිය අවසන් වසරේ ඉන්නේ. ඉදිරියේදී මම නීති අංශයෙන් රාජකාරි කරාවි. හැබැයි මම අවුරුදු 7 ඉදන් රංගනය කියන දේට එකතු වුන කෙනෙක්. ඒ නිසාම මම නීතිය හැදෑරුවත් කවදාවත් රංගනය කියන දේ නම් අතාරින්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නිතරම මගේ හිත තියෙන්නෙ හිත ගන්නෙ කලාවට.

විවාහය ගැන ගෙදරින් මොන වගේ බලපෑමක් ද තියෙන්නේ, මට ගෙදරින් කිසිම බලපෑමක් විවාහයට කරන්නේ නැහැ. ගෙදරදි ඔය සම්බන්ධව අම්මා මාත් එක්ක කතා කරද්දි මම කියන්නේ මට තව කරන්න වැඩ තියෙනවා කියලා. කවද හරි මට ගැළපෙන කෙනෙක් හම්බ උනොත් එයාට ගෙදරින් කැමති වේවි. කොහොම වුණත් කවද හරි මගේ හිත පළවෙනියටම ඇදිලා යන්නේ ඒ කෙනාගේ හිනාවට. ඉතින් මට බලපෑමක් ගෙදරින් නැති නිසාම මට ගැළපෙන කෙනෙක් හමුවෙනකම් බලන් ඉන්නවා. කොහොම වුණත් දැනට මගේ හිතේ කෙනෙක් නැහැ.

මේ දිනවල ඔබට ලැබෙන ප්‍රතිචාර ගැන මොකද හිතෙන්නේ, දැන් නම් නිතරම රසිකයන්ගේ ප්‍රතිචාර ලැබෙන නිසා ඒ ගැන ලොකුවට හිතන්නෙ නැහැ. සමාජ මාධ්‍ය වලිනුත් මාව අගය කරනවා. ඇත්තටම මට ගොඩක් සතුටුයි ඒ වගේ රසික ආදරයක් ලැබීම ගැන. මගේ ගමනට ඒ රසිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ගොඩක් වැදගත් වෙනවා.

ජිවිතයේ ප්‍රශ්න ආවාම මොනවගේ විදිහටද තීරණ ගන්නේ, මම අම්මට තාත්තාට ගොඩක් ආදරේ ගොඩක් ගරු කරන කෙනෙක්. හැබැයි තීරණ ගනිද්දි මම තනි තීරණ ගන්න කෙනෙක්. එහෙම තීරණයක් ගන්න බැරි වෙලාවට මම තාත්තගෙන් අහනවා. මොකද ජීවිතයේදි මම ප්‍රශ්නෙකදි වැටුනොත් මාව මුලින්ම නැගිට්ටවන්නේ මගේ තාත්තා. මම තීරණ ගන්න බය චරිතයක් නෙවෙයි. සමහර විට තාත්තා මගේ පිටුපසින් ඉන්න නිසාම වෙන්නැති මම තීරණයක් ගන්න බය නැතුව පෙළඹෙන්නේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *