Sat. May 21st, 2022

දුවලා තුන් දෙනෙකුගේ අම්මා කෙනෙක් වීම ලේසි පහසු දෙයක් නෙවේ. කොහොම වුණත් කලා පවුලට හිමිකම් කියන පවුලක ශක්තිමත් පවුරක් ගැන තමයි අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ.ප්‍රියසාද් පවුලේ ආදරණීය අම්මා. නමින් ශිරාණි ප්‍රියසාද්. මේ වන විට ඇය ආදරණිය අත්තම්මා කෙනෙකුද වෙනවා. අතීතයේ දුවලා තුන් දෙනත් එක්ක ගෙවපු කාලය ගැන කතා කරන්නයි අපි අද ඇයව එකතු කරගන්නේ, මුලින්ම ඔබේ පවුලට එකතු වෙන්නේ දිනක්ෂි. කොහොමද පළවෙනි දරුවා දුවෙක් කියලා දැනුනහම ඔබට දැනුන හැගීම, අපි විවාහවෙලා අවුරුද්දකට විතර පස්සෙ තමා දිනක්ෂි අපේ ජීවිත වලට එන්නේ. එයා චූටි කාලෙ හරිම අහිංසක ළමයෙක්. හරිම ලැජ්ජාශීලියි. එයා නිතරම හිටියේ අපි දෙන්නාගේ තුරුලෙමයි. එයා පුංචි කාලෙත් දඟ ළමයෙක් නෙමෙයි. තනියම සෙල්ලම් කළා.

දිනක්ෂිට පස්සේ පවුලට එකතු වුණේ ශේෂාද්‍රිව, කොහොමද ඒ දෙන්න එකට ගෙවපු කාලේ, දෙවනියා ලැබුනට උපස්සේ දිනක්ෂි ගොඩක් වෙනස් වුණා. මොකද හැමෝම ආදරේ කරන්න පටන් ගත්තේ ගත්තේ ශේෂාද්‍රිට. කොහොම වුණත් දිනක්ෂි ශේෂාද්‍රිට හරිම ආදරෙයි. ඒ කාලේ දිනක්ෂි සූප්පුවෙන් කිරි බොනවා. කොහොම හරි අපි එයාගෙ ඒ පුරුද්ද නතර කළා. ඔය කාලේ දෙවැනියා සුප්පුවෙන් කිරි බොන්න පටන් ගත්තා. ඉතිං දිනක් සිය ඇඳට නැගලා පොඩිගේ සූප්පුව අරගෙන ඇඳෙන් බැහැලා අල්මාරියේ හැංගිලා කිරිබොනවා. ඒ බොන්නෙත් ටිකක් බීල දෙන්නම් කියලා. එයා ටිකක් බීලා ආයෙත් පොඩීගේ කටට සූප්පුව දෙනවා.

කොහොම වුනත් ඔබ ආදරණීය දියණියෝ තුන් දෙනෙකුගේ මවක්.මොකද හිතෙන්නේ ඒ ගැන, මට ලොකු ආඩම්බරයක් දැනෙනවා. අපි මේ තුන්දෙනාම හැදුවේ හරිම අමාරුවෙන්. තුන්දෙනාටම හොඳට ඉගැන්නුවා. අද ඒ තුන්දෙනා ඉන්න තැන දැකලා මටයි තාත්තටයි ගොඩක් සතුටුයි. දරුවෝ තුන්දෙනා හැමෝම එකට ඉද්දි මුළු ගෙදරම පිරිලා. එයාලා හරිම ආදරණීය දරුවෝ. ඒ වගේ දරුවෝ ලබන්න ඇත්තටම අපි වාසනාවන්තයි. කොහොම වුණත් එයාල මේ වෙද්දි එයාලා ගේ ජීවිත සාර්ථක කරගෙන තියෙනවා. මේ වෙද්දි දෙන්නෙක්ම විවාහකයි. දිනක්ෂිත් දැන් අම්මා කෙනෙක්. කොහොම වුණත් දරුවෝ තමයි අපේ මුළු ලෝකයම.

තුන්දෙනාගෙන් වැඩියෙන්ම කේන්ති යන්නේ කාටද,තුන්දෙනාටම කේන්ති යනවා. හැබැයි කවුරුත් කේන්ති හිතේ තියාගෙන ඉන්නේ නැහැ. ඉක්මනින් ඒ කේන්තිය නැති වෙනවා. ලොකු ට කේන්ති ගියාම පැත්තකට වෙලා අඬනවා. පොඩි ට තරහ ගියහම පැත්තකට වෙලා ඔරව ගෙන ඉන්නවා. ශනුට තරහ ගියහම කෑගහනවා. ඒ කෑ ගහලා පැත්තකට වෙලා ඉන්නවා. ටික වෙලාවකින් ආයෙ හැමදේම අමතකයි.

ගෑණු ළමයි තුන්දෙනාම ගෙදර ඉද්දි කොහොමද ඔබට දැනුණේ, මෙයාලා තුන්දෙනාම එකට තමයි හිටියේ. වෙලාවට තුන්දෙනාම එකට කාමරේට වෙලා සින්දු කිය කිය කතා කර කර හිටියා. වෙලාවකට ඉස්සර මේ තුන්දෙනා බාත්රූම් එකෙත් නටනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *