ඉපදෙන්නත් කලින් බබාට නම දැම්ම නෙහාරා පුංචි මේලි ගැන දැන් කියන කතාව

අපේ කළා ලෝකයේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් තමයි නෙහාරා පීරිස් කියන්නේ. කාලයක් ලංකාවේ අමතක නොවෙන චරිතයක් වුන ඇය, ඇයගේ සුන්දරත්වය නිසාම ලංකාවේ බොහොමයක් තරුණයන්ට අමතක නොවන චරිතයක් බවට පත්වුනා. ඒ වගේම අපේ බොහොමයක් තරුණයන්ගේ සිහින කුමරිය ඇයයි. නෙහාරා මේ වනවිට විවාහකයි ඒ වගේම ඇය මේ වනවිට මවක්. නෙහාරා විවාහ වෙන්නේ ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන මේනක රාජපක්ෂ සමග. කොහොම වුනත් ඇය විවාහයෙන් පස්සේ මේනක සමග විදෙස්ගතවුනා. නමුත් මේ වනවිට නෙහාරා සහ මේනක ආයෙත් ලංකාවට ඇවිත්. ඉතින් අපි හිතුවා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න නෙහාරා එක්ක පොඩ්ඩක් කතා කරන්න.

නෙහාරා කොහොමද මේ දවස්වල ජීවිතේ? ”මගේ නම් ජීවිතේ හරිම ශෝක් හැබැයි ටිකක් බිසී. එත් මම ඒකට කැමතියි. දැන් අපේ චූටියත් ටිකක් ලොකුයි, අපි දෙන්නගේම ලෝකේ වෙලා ඉන්නේ එයා. එයාගේ වැඩයි ගෙදර වැඩයි කළා කළා කටයුතුයි එක්ක ඔක්කොම පිළිවෙලට කරගෙන යනවා”

නෙහාරා කොහොමද ඔච්චර ලස්සනට ඉන්නේ ”මෙහෙමයි මම ප්‍රෙග්නට් කාලේ ගොඩක් මහත්වුනා ඉතින් පස්සේ මම සතියෙම ජිම් එකට ගියා. ඊට පස්සේ දවස් හයක් ජිම් ගියා. දැන් යන්නේ දවස් පහයි. කොහොම උනත් මම උදේ පැය දෙකක් ජිම් එකේ ඉන්නවා. මොනවා කලත් මම ඉන්නේ ගෙදර යනකන් මොකද මගේ බබා දකිනකන් ඉවසිල්ලක් නෑ. එයාගේ හිනාව මතක් වෙද්දී ගෙදර දුවන්නමයි හිතෙන්නේ.

නෙහාරා ඔයාගේ බබාට ඇයි ‘මේලී’ කියලා නම තිබ්බේ? ” මෙහෙමයි එයා ඉපදෙන්නත් කලින් ඉඳලම තමයි අපි මේ නම හිතාගෙන හිටියේ. එකට හේතුව තමයි මම ඉගන ගත්තේ ශාන්ත ලෝරන්ස් විද්‍යාලයේ. ඒ කාලේ මම ශිෂ්‍ය නායිකාවක්. එකොළහ වසරේ ඉද්දි අපේ සපෝට් මීට් එකේ මට බාරව තිබුනේ තුන වසරේ පන්තිය ඒ පන්තියේ හිටියා හුරතල් චූටි බබෙක් එයා චීන බබෙක්. ඒ චූටි නංගිගේ නම මේලි. මම ඒ චූටි නංගිට ගොඩක් ආදරෙයි. ඒ නමටත් ගොඩක් ආසයි. ඉතින් මම හිතාගත්තා බැඳලා කෙලි පොඩ්ඩක් හම්බුනොත් මේ නම දානවා කියලා. ඉතින් ඒ නමට මෙනකත් කැමති වුනා”

Leave a comment

Your email address will not be published. Required fields are marked *