Tue. May 17th, 2022

ලංකාවේ මේ වනවිට තරුණ පරම්පරාව ඇතුළුව බාල මහලු හැමෝම පාරට බැහැලා ඉන්නේ. එයට හේතුව තමයි ලංකාව පාලනය කරන දේශපාලන පවුල ගන්නා තීරණ නිසා කොහොම වුනත් මේ වනවිට මෙම ප්‍රශ්නය පිලිබඳ ජාත්‍යන්තර අවධානයත් ලැබිලා තියෙනවා. අද වනවිට ලංකාවේ අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය රජයෙන් ඉවත්වෙලා. ඒ වගේම පාර්ලිමේන්තු මැති ඇමතිවරු රැසක් රජයෙන් ඉවත්වෙමින් ඉන්නවා.

ඒ වගේම මෙම ගැටළු හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධි පතිගේ බෑනාවන සහ අගමැති පුතනුවන් වන නාමල් රාජපක්ෂ මහතාගේ ආදරණීය බිරිඳ රට හරගිහින් තියෙනවා. ඒ ඇයගේ දෙමාපියන් ඇතුළු පවුලේ නවදෙනෙකු සමග, ඉතාම රහසිගත ලෙස රටින් පිටවුණ එම කණ්ඩායම විදේශ ගතවූ රට සහ ස්ථානය තවමත් හෙළිකරලා නෑ,

කොහොම වුනත් මේ වනවිට නාමල් රාජපක්ෂ මහතාත් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ සමාජ ජාලා වලට විශේෂ සටහනක් එකතුකරමින් ඒ සටහන තමයි මේ ”දැරූ අමාත්‍ය ධුරවලින් මේ මොහොතේ සිට ඉල්ලා අස්වන බව ජනාධිපති ලේකම්වරයා ට මා දැනුම් දුන්නා. අතිගරු ජනාධිපතිවරයාට හා ගරු අග්‍රාමාත්‍යවරයාට මෙරට තුළ ස්ථාවර රජයක් පිහිටවා, ජනතාවට අවශ්‍ය කඩිනම් සහන සැළසීමට එය සහාය වනු ඇතැයි අපේක්ෂා කරනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාගේ ඡන්ද දායකයින් හා මාගේ පක්ෂය වෙනුවෙන් ඉදිරියටත් කටයුතු කිරීමට බලාපොරොත්තු වනවා.” යනුවෙන්. මෙම සිදුවීම සම්බන්දයෙන් සමාජයේ විවිද කට කතා පැතිරෙනවා ඒ වගේ පැතිරිණ කටකතාවක් තමයි නාමල් රාජපක්ෂත් තමන්ගේ අමාත්‍ය ධූර වලින් ඉලා අස්වුනාට පස්සේ විදේශ ගතව ඉන්න බිරිඳ සමග ජීවත් වීමට විදේශ ගත වෙනවා මේ පිලිබඳ නාමල් රාජපක්ෂ කිසිම සටහනක් ඉදිරිපත් කරලා නෑ කොහොම වුනත් එහෙම වෙන්නත් බැරි නෑ කියලයි අපිට හිතෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *