‘ඇමති කෙනක් මාව දාගන්න ගොඩක් ට්‍රයි කළා’ ජනප්‍රිය නිලි උපේක්ෂා කියන කතාව

උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයේ නොමැකෙන නමක් ලියූ රංගන ශිල්පිනියක්. ඉතින් අද අපි සූදානම් වෙන්නේ ඇය ගැන කතා කරන්නයි. රංගන ශිල්පිනියක් පමණක් නොව කාලයකදී ඇය දේශපාලනය හා සම්බන්ධ වූ තැනැත්තියක්. විවිධ කාලවලදී විවිධ කටකතා ඇයට එල්ල වුනද ඒ සියල්ල ඉවසා ඇය ඇගේ ගමන යන්න ශක්තිමත් වුවා. ඇය පැවසු ආකාරයට ඇය අධ්‍යාපනය හදරා ඇත්තේ කුවෙට් රාජ්‍යයේ.

ඇය දේශපාලනයට එන්න කිසිදු කැමැත්තක් එදා නොතිබූ බව පවසන්නේ ඇය ඒ ගැන කිසිවක් නොදන්න නිසා. නමුත් ඇය කිසිවිටෙක දේශපාලනයේ ප්‍රශ්න මත බොරු කියා පළා ගියේ නැත. ප්‍රශ්නෙකට පිළිතුරක් නො දන්නේ නම් කෙලින්ම දන්නේ නැති වග ඇය ප්‍රකාශ කර සිටියා.ඇය ඒ ගැන කියා සිටියේ මේ වගේ අදහසක් ,සමාජයේ ගොඩක් දෙනා අවංකකම විහිළුවට ගන්නවා. අපි හැම කෙනෙක්ම කැමැතියි අවංක වෙන්න.

හැබැයි අපි අවංක වෙන්න වෙන තරමට ඒ අවංකකම බාරගන්න මේ සමාජය සූදානම් නෑ.මම දේශපාලනයට ගියේ මගේ පෞද්ගලික බලපෑමක් මත.එහෙත් මම නොහිතපු විදියට මට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉහළ මනාප ලබා ගන්න පුළුවන් වුනා. මම දේශපාලනයට එද්දී පබා ටෙලි නාට්‍යයෙන් මාව අයින් කළා. මම පබා කියන චරිතය නිසා දේශපාලන ජීවිතය ජයගත්තා කියන කතාව බොරු.මොකද රටේ ජනතාව පබා කියන චරිතයට ම නෙමෙයි ඡන්දය දුන්නේ.”

අද පවතින දේශපාලන තත්ත්වය ගැන උපේක්ෂා පැවසුවේ මේ වගේ අදහසක්, ඇත්තටම අද වුණත් පාර්ලිමේන්තුවේ ඉන්නවා හොරකම් නොකරන අවංක දේශපාලනය කරන අය.හැබැයි එයාලා නිතරම කෑ ගහන අය නෙවෙයි .නමුත් එයාලා යම් සේවයක් ඉටු කරනවා. මේ රටේ පවතින සිස්ටම් එක වෙනස් විය යුතුයි.”

විටෙක ඇයට දේශපාලනය නිසාම අයුතු යෝජන ආව බවට අප හා කියා සිටියා, ඇත්තටම ඒ 225 න් 4 ක් වගේ එහෙම අය හිටියා නෑ නෙවෙයි. මට සාන්තුවරයෙක් වගේ ඉන්න කෙනෙක් කතා කලා. අපේ ගෙවල් දෙකටම නොදැනෙන්න සම්බන්ධකමක් ගෙනියන්න ඔහු කතා කලා. ඇත්තටම මට පුදුමයි ඒ වගේ දේවල් ගැන.පාර්ලිමේන්තුවේ වැඩිපුරම පිරිමි අය වෙද්දි කම්මැලිකමට ඔවුන් ගැහැණු දිහා බලනවා. ඒ කොහොම වුනත් ගැහැණියකගෙන් පුංචි හරි ඉගියක් ලැබුනොත් තමා ඒ දේවල් දුර යන්නේ.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *