‘ඇත්තටම ඇය රත්තරන් බිරිඳක්’ ප්‍රථම පෙම්වතිය සමග විවාහ වුන පාලිත කියන කතාව

පාලිත සිල්වා කියන්නේ මෙරට කලාව තුළ විශේෂිත වූ රංගධරයෙක්. ඔහුගේ දක්ෂතාවය අසමසමයි. කලා ක්ෂේත්‍රය තුළ නොමැකෙන මතක සටහන් සනිටුහන් කරපු පාලිත බොහෝ දෙනෙකුගේ ආදරයට ගෞරවයට පාත්‍ර වුණ කලා ශිල්පියෙක්. අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ ඔහු ගැනයි. කලාවට දක්ෂ රංගන ශිල්පියෙක් ශිල්පියෙක් වුවත් ඔහු පවුල තුළ ආදරණීය සැමියෙක් ආදරණිය පියෙක් වෙනවා. මේ වන විට ඔහු කලාවට සම්බන්ධ වි අවුරුදු හතළිහකට වඩා වැඩි වෙද්දී වේදිකා නාට්‍යවලට ද ඔහු සිය දායකත්වය ලබා දෙනවා. ඔහු කලාවට පිවිසෙන්නේ අතිරේක නළුවෙක් විදිහට වුවත් ඔහු ඔහුගේ දක්ෂතාවය පෙන්නුම් කරමින් තමන්ගේ ගමන කැපවීම නිසාම වෙනස් කරගන්නවා.

පුංචි කාලේ ඉඳලම නළුවෙක් වෙන්න ආස කලාද, ”චිත්‍ර අඳින්න ගීත ගායනා කරන්න රඟපාන්න ඕනම දේකට මම දක්ෂ කෙනෙක් වුණා. කලාවට සම්බන්ධ දේවල් වලට මම පමණක් නෙවෙයි ක්‍රීඩාවට මම දක්ෂ කෙනෙක්. හැබැයි මට පුංචි කාලේ මම කුමන වෘත්තියකට පිවිසෙනවා ද යන්න බලාපොරොත්තුවක් තිබුණෙ නැහැ. තාත්තා මට ඉස්සර කිව්වේ මට රැකියාවක් නැතත් තාත්තාගේ රැකියාව හරි මට දෙනවා කියලා. තාත්තා වැඩ කළේ හෝටල් ක්ෂේත්‍රයක. එක් එක් කෙනෙක් විදිහට ඉගෙනගන්න රැකියාවක් කරන්න පුළුවන් නම් මුදල් උපයන්න ද පුළුවන් කියලයි තාත්තා මට කිව්වේ. මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය සනිටුහන් වෙන්නේ 90 දශකයේ විතර. ජනාධිපති සම්මානයට පවා මගේ නම නිර්දේශ වෙලා තියෙනවා.”

ආදරණීය පෙම්වතෙක් ගේ චරිතය රඟපාන කොට ඔබට ඔබේ බිරිඳගෙන් සීමා තිබුණේ නැද්ද, හදවතට දැනෙන සමීප ආදර කතා වල පෙම්වතාගේ චරිතය රඟපාද්දි මට කාන්තාවන්ගේ ආදරය ආකර්ෂණය නොඅඩුව ලැබුණා. මම විවාහ වෙන්නේ මගේ ජීවිතේ මගේ ජීවිතේ පළමු පෙම්වතිය සමග. එයා ජීවිතය ගැන හොඳ අවබෝධයකින් තමයි මාත් එක්ක කටයුතු කරන්නේ. අදටත් මගේ ජීවිතේ මගේ වෘත්තිය බාධාවක් නැතුව කරගෙන යන්න ලොකුම හේතුව වෙන්නේ මගේ බිරිඳ. මොකද එයා කිසිම වෙලාවක මට සීමා දාලා මගේ ආදරේ රැකගන්න උත්සාහ කරලා නැහැ. එදත් අදත් හෙටත් හැමදාම මම ආදරේ කරන්නේ ඇයට ඇත්තටම ඇය රත්තරන් බිරිඳක්”

පාලිත කියන පුද්ගලයා විලාසිතා කරන්න කැමැති කෙනෙක් ද, ඉස්සර මගේ ආසම දේ වුනේ බයික් පදින එක. ඉතින ඒ කාලේ විවිධ ජැකට් වලින් මම විලාසිතා කළා. ඊට අමතරව නම් ලොකුවට විලාසිතා කළේ නැහැ මම. රංගන ක්ෂේත්‍රය තුළ රංගනයට අදාළ විදියට විවිධ ඇඳුම් පැළඳුම් වලින් විලාසිතා කරලා තියෙනවා. හැබැයි ඇඳුමෙන් පැළඳුමෙන් මම සමාජය ඉස්සරහ කැපී පෙනෙන චරිතයක් වෙන්න ඕනේ කියන මානසික අදහස මගේ හිතේ තිබුණේ නැහැ. මගේ ජීවිතේ ඇතුළේ මම අයන් නොකර ඇඳුම් ඇඳගෙන ගියපු අවස්ථා ඉරුණු ඇඳුම් ඇදගෙන ගිය අවස්ථා තියෙනවා. මම විශ්වාස කරන දෙයක් තමයි කිසිම කෙනෙකුගේ ඇඳුමෙන් පැළඳුමෙන් ඒ කෙනාගේ ප්‍රතිරූපය මනින්න බැහැ කියලා.

ජීවිතය ගැන ඔබට තියෙන්නේ මොන වගේ අදහසක් ද, ජීවිතය ගැන මම හිතන්නේ තනියම ඇවිත් තනිව යන ගමනක් විදිහට. අපි ජීවිතේ කවදා හරි දවසක අරගෙන යන්නේ අපි කරන හොඳ නරක විතරයි. ඒ දේ තේරුම් අරගෙන අපි ජීවිතේ ජීවත් වෙනවා නම් අපිට ජීවිතේ ඉස්සරහට යන්න ලේසියි වගේම අපිට ජීවත් වෙන්න පහසුයි. වාසනාව ලැබීම කියන දේ පවා අපි හොයා ගෙන යා යුතු දෙයක්. මම පෞද්ගලිකව විශ්වාස කරනවා මම වාසනාවන්ත පුද්ගලයෙක් කියලා. මොකද මම හැමදේම හොයාගෙන ගිහින් මගේ ජීවිතේ වෙනස් කර ගත්ත කෙනෙක්. ඇත්තටම ජීවිතේ එහෙම බලද්දි සරල දෙයක් නෙවෙයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *