ශලිනි තාරකා නමින් ඇය නොදන්න කෙනෙක් නැති තරම්.මේ දිනවල සිරස නාලිකාවේ විකාශය වෙන කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍ය හරහා වඩාත් ජනප්‍රිය වුණ ස්නේහා චරිතයට පණ පොවන්නේ ඇයයි. තුන්කොන් ප්‍රේම කතාවක් හරහා ගලා යන මෙම කතාංගය නිසා පේක්ෂකයින්ගේ ගුණදොස් මත මේ චරිතයද ගලාගෙන යනවා. ඉතින් මේ සූදානම ඇය ගැන කතා කරන්න.කොච්චර වයසට ගියත් ශලිනි කියන්නේ එදා මෙන් මෙන්ම සුන්දර යුවතියක්.
ඇය කරන විලාසිතාද බොහෝ දෙනෙකු ආකර්ශනය කරගන්නවා. ඇත්තටම ඔබ විලාසිතා කියන දේ දකින්නෙ කොහොමද, විලාසිතා කියන දේ මම දකින්නේ අපි ලස්සනට තියෙන පැකේජ් එකක් විදිහට. විලාසිතා කියන දේ විතරක් නෙවෙයි අපි කතා කරන විදිහ අපි කටයුතු කරන විදිහ ඇවිදින විදිහ බාහිර පාර්ශවයන් එක ගනුදෙනු කරන විදිහ මේ හැමදේම විලාසිතා කියන වදනය ඇතුලේ තියෙනවා. අපිට ගැලපෙන ෆැෂන් කලහම හිතට අමුතු සතුටක් දැනෙනවා.
ඔබ හැමදාම ලස්සනට අදින කෙනෙක් නේද, මම කොහොමත් කැමතියි ලස්සනට පිළිවෙලට පිරිසුදුව අඳින්න. ඉහළම මුදල් වියදම් කරලා ඇඳුම් අඳිනවා කියන තැන මම නැහැ. මට ගැලපෙන ඇඳුම තමයි මම තෝරගන්නේ
විලාසිතා තෝරා ගැනීමේදී ඔබ අවධානය යොමු කරන කරුණු තියෙනවද, මම කැමතියි මගේ සමේ පැහැය තියෙන ඇඳුම් අඳින්න. ගොඩක් වෙලාවට මම ඇගේ හැඩය පේන ඇදුම් තමයි තෝරගන්න. කහ පාටට මම ගොඩක් කැමතියි. කළු පාට වගේ ඇදුම් වලය මාව කෙට්ටුවට පේන්න නිසා ඒකටත් කැමති.
කාලයත් එක්ක විලාසිතා කිරිම වෙනස් වෙනවද, අනිවාර්යෙන්ම ඔව්. වයසත් එක්ක අපි කරන විලාසිතා වෙනස් වෙනවා. පුංචි කාලේ කරපු විලාසිතා දැන් අපිට කරන්න බැහැ. අපි අපේ වයසට ගැළපෙන විලාසිතා නොකලොත් සිද්ධවෙන්නේ බාහිර පාර්ශවයන් අපිටම හිනාවෙන එක. මොකද අපි විලාසිතා කිරීමේදී වයස ස්ථානය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. තැනට සුදුසු විදිහට සුදුසු වයසට අපි විලාසිතා කරන්න පුරුදු වෙන්න ඕනෑ.
ශලිනි කියන්නේ විලාසිතා වලින් ප්‍රසිද්ධ වෙන්න කැමති කෙනෙක් ද, මම පෞද්ගලික ජීවිතය තුළ සරලව ජීවත්වන කෙනෙක්. මම මට පුළුවන් ඇඳුම් තෝරා ගන්නවා. හැබැයි ඇඳුමකින් මගේ ප්‍රතිරූපය එළියට දෙන්න මම කොයි වෙලාවකවත් උත්සහ කරන්නේ නෑ.