Sat. May 21st, 2022

චමත්කා ලක්මිණි කියන්නේ නිරූපණ ශිල්පිනියක් විදිහට කලා ක්ෂේත්‍රයට ඇවිත් රඟපාපු පලවෙනි සිනමා නිර්මාණයෙන්ම ලංකාවේ බොහෝදෙනාගේ අවදානය දිනාගන්න සත්වුන චරිතයක්. ඒ වගේම කළා දිවිය තුල බොහොම පරිස්සමින් හෙමින් ගමනක් යන චරිතයක්. ඉතින් මේ දවස්වල චමත්කා මොකද කරන්නේ කියලා දැනගන්න අපි අද චමත්කා සමග ටිකක් කතා කරන්න හිතුවා, චමත්කා කොහොමද ජීවිතේ මොනවද අලුතෙන් එන්න තියෙන නිර්මාණ ” සනීපෙන් ඉන්නවා, අලුත් නිර්මාණ ගැන කියනවනම් ෂර්ලිගේ පළමු නිර්මාණය වන ‘පියාඹන්න ආයෙත්’ එන්න තියෙනවා. කලණ ගුණසේකර සහ මම තමයි එහි චරිත කරන්නේ.”

චමතකාට ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද ”ගෙදරින් ලැබෙන සහයෝගය කියන්නේ මෙහෙමයි ඇත්තටම මම වැඩකට යද්දී කීයටද එන්නේ, කවද්ද එන්නේ කියලා අහන පවුලක් මට නැහැ. මොකද මම තනියම හැදුන කෙනෙක්. මට උපරිම නිදහසක් තිබුනා, දැන් ඒ නිදහස මගේ සැමියාගෙන් මට ලැබෙනවා. මම බබා ලැබුනට පස්සේ හිතුවා මට ආයේ මේ ෆීල්ඩ් එකට එන්න බැරිවෙයි කියලා, ඒ කාලේ අම්මා කිවුවා ඔයා ආයේ මාස තුනෙන් ඇඟ හදාගන්න ඕන කියලා ඒ ලැබුන සහයෝගය තමයි අද මාව ආයෙමත් මේ ක්‍ෂේත්‍රයේ මේවගේ තැනකට මාව ගෙනත් තියෙන්නේ”

චමත්කා බබා ලැබුනට පස්සේ ගොඩක්ම ලස්සන වෙලා මොකද්ද ඒ රහස ”එහෙම රහසක් නෑ, මම දරුවා ලැබුනට පස්සේ පෝෂ්‍යදායක ආහාර විතරයි ගත්තේ. ලොකුවට ජිම් ගිහින් ඩයට් කළේ නැහැ. මොකද මම තාම මගේ දරුවට කිරි දෙනවා. වැඩිපුරම හිතුවේ දරුවාගේ පෝෂණය ගැන, මම හිතාගත්තා මට මොනවා උනත් එයා ඉල්ලනකන් එයාට කිරි දෙනවා කියලා,”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *