Sat. May 21st, 2022

ඇයි බොහෝ දෙනෙක් වසඟ කර ගත්තේ ඇගේ කොණ්ඩය නිසා. ඒ කොණ්ඩෙ ඒ තරම් ආකර්ෂණීයයි. ෂැඩෝ මෙන්ම දිවි තුරා ටෙලිනාට්‍ය තුළින් ඔබ හමුවට එන ඇය සුධික්ෂා සමාධි පෙරේරා. ඇය තවමත් නව පරපුරේ රංගන ශිල්පිනියක්. ඉතින් අපි හිතුවා ඇයත් සමඟ කතා කරන්න. නිරන්තරයෙන්ම ඇයට ලැබෙන්නේ දඟකාර චරිත නිසාම අපි ඇයගෙන්ම ඒ ගැන අහන්න හිතුවා, ඔව් මට මේ වෙනකල් ලැබුණ හැම චරිතයක්ම දඟකාර චරිත තමයි. සමහර විට ඒකට හේතුව මගේ පෙනුම වෙන්න ඇති. හැබැයි මම කැමැතියි වෙනස් චරිතයක් රඟපාන්න. මොකද සීමාවකට කොටු වෙන්න කැමැති කෙනෙක් නෙවෙයි මම. ඉදිරියේදී එහෙම වෙනසක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ඔබ ව්‍යාපාරිකාවක් විදිහට කලා කටයුතු කරගෙන යද්දි ඔබට බාධා එන්නේ නැද්ද, එහෙම දෙයක් සිද්ධ වෙලා නැහැ. මම සැලුන් එකක් කරනවා. අපිට වැඩ කරන්න තියෙන්නේ ඉතාම සීමිත කාලසීමාවක්. ඉතින් අපිට ඇඟේ හයිය තියෙන කාලේ පුළුවන් තරම් වැඩ අරගන්න ඕන කාලය නිකරුණේ නාස්ති කරන්න හොඳ නැහැ. ජිවිතේ මට දෙයක් කරන්න ලැබුණොත් ඒ දේ මට කරන්න පුළුවන් නම් මම අනිවාර්යෙන්ම කරනවා.එතනදි මම වෙලාව ගැන හිතන්නේ නැහැ.මම දෙයක් ඉතුරු කළොත් ඒක මගේ අනාගතයට.හැබැයි මගේ අනාගතය කොහොම වෙයිද කියලා කියල මම දන්නේ නැහැ.ඒ වුනත් මම වර්තමාන සැලසුම් කරන පුද්ගලයෙක්.

ඔබව බ්‍රෑන්ඩ් එකක් විදියට ලංකාවේ අය අඳුරන්න ගත්තේ ඔබේ කොණ්ඩය නිසා නේද ,ඒ කතාව මෙහෙමයි.මගේ කොන්ඩේ කර්ල් කොන්ඩයක් .මගේ බාහිර පෙනුමට මගේ කොණ්ඩය ආභරණයක් කිව්වොත් හරි.මගේ කොණ්ඩෙට ආදරය කරන පිරිසක් ඉන්නවා .හැබැයි මම රඟපාන කොට මම රඟපාන චරිතයට උපරිම සාධාරණත්වය කරනවා.රංගනයට සාධාරණත්වයක් කරලා තමයි මිනිසුන්ගේ හදවත් වලට කලා ශිල්පියෙක් විදිහට යන්න පුළුවන් වෙන්නේ.කොන්ඩය කියන්නේ මාව අඳුරගන්න පුළුවන් සලකුණක් විතරයි.එහෙම නැතුව මාව නිර්මාණය කරන දෙයක් නෙවෙයි.

ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු ගැන කතා කළොත්,භාරගත්ත නිර්මාණ වල චරිත වලට උපරිම සාධාරණත්වය කරන්න තමයි ලොකුම බලාපොරොත්තුව.ඕනෑම නිර්මාණයකින් ඉදිරියට එන්නත් බලාපොරොත්තු වෙනවා.ඉදිරියේදී සමහරවිට මාව ටෙලි කතා වලින් අඩුවෙන් දකින්න ලැබේවි.ඊට හේතුව මම විවේකයක් ගන්න හිතුවා .ඒකත් කාලය සමග බලමු .

ඔබ අවස්ථාවට මිනිස්සු ආශ්‍රය කරන කෙනෙක්ද, මම අවස්ථාවට විතරක් මිනිස්සු ආශ්‍රය කරන කෙනෙක් නෙවෙයි.හැම දේකටම මම මිනිස්සු ආශ්‍රය කරනවා. මම කොයි වගේ චරිතයක්ද කියලා මාව ආශ්‍රය කරපු මාව දන්න අය දන්නවා. ඇත්තටම සමහර වෙලාවට මිනිස්සු තමයි මාව අවස්ථාවාදී විදිහට ආශ්‍රය කරන්නේ. නැතුව මම නෙවෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *