Sat. May 21st, 2022

දිල්හානි විරසිංහ කියන්නේ සකල ගුරු ටෙලි නාට්‍යය හරහා වඩාත් ජනප්‍රිය වුණ චරිතයක්. මීට පෙර නිර්මාණ කිහිපයකට ඇය සම්බන්ධ වුණත් සකල ගුරු ටෙලි නාට්‍ය හරහා ඇය ජනප්‍රිය වීමත් සමග බොහෝ දෙනා ඇය ගැන කතා කරන්න පටන් ගත්තා. ඇත්තටම දිල්හානි කියන්නේ වෘත්තියෙන් රංගන ශිල්පිනියක්ද, ඇත්තටම නැහැ. මම වෘත්තියෙන් රංගන ශිල්පිනියක් නෙවෙයි. මම රාජ්‍ය සේවයේ නියැළෙනවා. ඉඩක් ලැබෙද්දී පුළුවන් වෙලාවට රංගන කටයුතුවලට සම්බන්ධ වෙනවා. ඒ අතරේ නිරූපණ කටයුතුත් කරනවා.

දිල්හානි ලංකාවේ කැමතිම පළාත ගැන කිව්වොත්, මම ගොඩක් කැමති සීතල පළාතකට. ඉස්සර නම් උඩුදුම්බර පළාතට මම ගොඩක්ම කැමතියි. ඉස්සර මම කැමැති ගුරුවරියක් වෙන්න. හැබැයි රංගනයට යොමු වීමත් එක්කම මගේ ආසාව නැති වෙලා ගියා. මම කොහොමත් ලස්සන තැන් වල ඇවිදින්න ලස්සන තැන් බලන්න කැමති කෙනෙක්.

ගෙවාගෙන ආපු ජීවිතය ගැන කොහොමද දැනෙන්නේ, මට ජීවිතයට ගොඩක් අත්දැකීම් ලැබුණා. විවිධ තැන් වලදී විවිධ පුද්ගලයන් හමුවුනා. අද මම ඉන්න තැන ගැන පුංචි නිහතමානී සතුටක් තියෙනවා. හැබැයි ඒ නිහතමානීකම දිගටම තියාගන්නයි මම බලාපොරොත්තු වෙන්නේ. ලද දෙයින් උඩඟු වෙන්න මම කැමැති නැහැ.

ජිවිතයේ ඔබට තිබුණ අරමුණු මොනවාද, මගේ ලොකුම අරමුණ වුණේ හොඳට ඉගෙන ගන්න එක. ඉගෙන ගන්න වැඩකටයුතු කරන ගමන් රංගනයෙන් ඉස්සරහට යන්න බලාපොරොත්තු වුණා. ප්‍රාසංගික කලා වේදී උපාධිය සම්පූර්ණ කරගෙන තවත් ඉගෙනිමෙන් ඉස්සරහට යන්න ආසාවෙන් ඉන්නවා.

කොහොමද කලාවට හිත නැඹුරු වුණේ, පාසල් කාලේ මම නර්තනයට ගොඩක් කැමති කෙනෙක්. ඒ නිසාම පාසලේරංගනයට මම යොමු වුණා. මම උසස් පෙළටත් කළේ නාට්‍ය හා රංග කලාව. 2014 ජාතික රූපවාහිනී අවුරුදු කුමාරි තරගයට මම ඉදිරිපත් වුණා, එයින් පස්සේ තමයි මට ගොඩක් රංගනයට අවස්ථාව හිමිවුනේ.

දැනට ගත කරන පවුල් ජීවිතේ කොහොමද, මම බොහොම සරලව ජීවත් වෙන කෙනෙක්. මාසයකට සැරයක් වගේ තමයි ගමේ යන්නේ. ඒ ගියාම අම්මා තාත්තට ගොඩක් උදව් කරනවා. එයාලට මෙහෙ විස්තර කියනවා. මම පවුලේ ලොකු දුව නිසා එයාලා මට ගොඩක් ආදරෙයි. මමත් ඒ දෙන්නට ගොඩක් ආදරෙයි. කොහොමත් මගේ දෙමාපියන් කැමතියි මම රඟපාන කටයුතු වල නිරත වෙනවට. සමහර වෙලාවට එයාලා මාව බලන්න කොළඹට ඇවිත් යනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *