ආලවන්ත හිතත් එක්ක හරි සනීපෙට නැලවෙනවා – දික්කසාද වුන පියුමි බොතේජු ආයෙමත් ආදරයක පැටලිලා?

පියුමි බොතේජු කියන්නේ කළා ලෝකයට නැතුවම රංගන ශිල්පිනියක් විදියට හඳුන්වන්න පුළුවන්, රංගන ශිල්පිනිය ලෙස වගේම නිවේදිකාවක විදියටත් ජනප්‍රිය පියුමි කාලයක් කලාවට සමුදීලා හිටියා, කොහොම වුනත් ඇය පසුගිය කාලයේ ඇය දැකගන්න ලැබුනේ ප්‍රහසන චරිත හරහා පමණයි. ඒ වගේම පසුගිය කාලයේ ටෙලිනාට්‍යයක රූගත කිරීමක් අතර සිදුවුණ සිදුවීමක් නිසා ඇය රෝහල්ගතව ප්‍රතිකාර ලබාගත්තා, නමුත් මේ වනවිට ඇය සම්පුර් න සුවය ලබා ගෙන ඉන්නවා, කාලෙන් කාලෙට හැමෝගෙම ආදරේ දිනාගෙන විවිද කළා නිර්මාණ හරහා ඔබ හමුවට එන පියුමි බොතේජු ගැනයි අද අපේ මේ පුංචි කතාබහ,

පියුමි කියන්නේ නිතරම ගොඩක් විනෝදයෙන් වගේම සැහැල්ලුවෙන් ඉන්න චරිතයක්, පියුමි කියන විදියට ඇය ගෙදර ඉන්න දවසට අහල පහල ගෙවල් වල හැමෝම දන්නවලු අද පියුමි බොතේජු ඉන්නේ ගෙදර කියලා, මොකද පියුමි ඒ තරම් සද්දෙන් ගෙදරදී කතා කරනවලු, දඟකාර චරිතයක් විදියට හැමෝගෙම අවධානය දිනාගන්න සමත් වුන පියුමි බොතේජු විවාහ වෙන්නේ දේශපාලනයට සම්බන්ද චරිතයක් සමග, කොහොම වුනත් ඒ විවාහ සාර්ථක වෙන්නේ නෑ, ඒ දෙදෙනා අතර ඇතිවුන පුද්ගලික හේතුවක් මත මේ විවාහය අවසන් වෙනවා,

කොහොම වුනත් පියුමිගේ එම විවාහය බිඳී ගියාට පස්සේ ඇය නැවත විවාහයක් කරගත්තේ නෑ, නමුත් පියුමි විවාහ වුනා කියලා සමාජ ජාලාවලනම් කාලෙන් කාලෙට එක එක කතා පැතිරුනා, ඒ අතර පියුමි සහ ඇයට වඩා බාල රංගන ශිල්පියෙක් විවාහ වුනා කියලත් පසුගිය කාලේ හැමෝම හරි හරියට කතා වුනා, නමුත් අපිට දැනගන්න ලැබුනා ඒ රංගනය අවස්තාවක් කියලා, හැබයි මෙච්චර කාලයක් තනිකඩව හිටපු පියුමිට දැන් නම් මංගල සීනු හැඬවෙන්න පටන් අරගෙන කියලා අපිට හිතෙනවා, මොකද ඒ වගේ සටහනක් ඇය ඇයගේ සමාජ ජාලා ගිණුමට එකතු කරලා තියෙනවා ඒ සටහන තමයි “ආලවන්ත හිතත් එක්ක ස්නේහවන්ත සිනහා ගාව ජීවිතය විඳිනකොට හිතත් හරි සනීපෙට නැලවෙනවා” අපිටනම් හිතෙන්නේ පියුමි මෙහෙම කියලා තියෙන්නේ එයාගේ අලුත් ආදරවන්තයට කියලයි, හැබැයි ඒ කතාවේ සත්‍ය සත්‍ය තාවය අපි සියයට සියයක්ම දන්නේ නෑ කොහොම වුනත් ඉක්මනින්ම පියුමිට අයගේ හිතේ ඉන්න ආදරවන්තා ලැබෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

Related Posts

Leave a Reply

Your email address will not be published.