Tue. May 17th, 2022

උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ පුංචි තිරය සිනමාව ආකර්ෂණයක් කරපු සුන්දර රංගන ශිල්පිනියක් මෙන්ම නර්තන ශිල්පිනියක්. කාලයක් ඇය දේශපාලනය ඔස්සේද ජනතාවගේ කතාබහට ලක්වුණා. ඉතින් මේ නිසාම අපි හිතුවා ඇයත් සමඟ කතා කරන්න. උපේක්ෂාට දැන් රංගනයට අවස්ථා හරිම අඩුයි නේද, දරුවන් එක්ක කාර්යබහුල වෙද්දි රංගනයට සම්බන්ධ වීමේ දී යම් යම් සීමා බාධක පැමිණෙනවා. ලැබෙන චරිත තෝරා බේරාගෙන තමයි රංගනයට සම්බන්ධ වෙන්නේ. මේ දවස් වල නිර්මාණ කිහිපයකට තමයි මම සම්බන්ධ වෙනුවෙන්. විවේකය අඩුයි.

පහුගිය දිනවල ඔබ සරාගී ඡායාරූප කීපයක් සමාජගත කරලා තිබුණා. ඉතින් එයට ලැබුණු ප්‍රතිචාර කොහොමද, මේ අවුරුද්දේ මම සහභාගි වුණා Raffealla Fernando Celebrity Calendar. එහිදී ගත්ත ඡායාරූප පෙළක් තමයි ඔය. මම ෆේස්බුක් දාපු මේ ඡායාරූප මෙච්චර ජනප්‍රිය වෙයි කියලා හිතුවේ නෑ. මම හිතුවටත් වඩා මම බලාපොරොත්තු උනාටත් වඩා ගොඩක් ප්‍රතිචාර මට ලැබුණා. ඒ ඡායාරූප ගැන බොහෝ දෙනෙක් මමත් එක්ක කතා කරා.

ඔබ මවක් නිසා මෙම ඡායාරූප ඔබට බාධාවක් නෙවෙයිද, ඒ ෆොටෝ වල වැරද්දපොටෝ වල වැරද්දක් තියනවා කියලවත් ඒ ෆොටෝ වලින් කාටවත් බලපෑමක් වෙනවා කියලා වත් මම හිතන්නේ නෑ. අවුරුදු දහයක් තිස්සේ මම බලාපොරොත්තු වුන දෙයක් තමයි මේක. හැබැයි විවිධ හේතු නිසා මට එම අවස්ථාව මග හැරුණා. හැබැයි මේ අවස්ථාවේදී මම ගොඩක් කැමැත්තෙන් හා ආසාවෙන් උනන්දුවෙන් මෙයට සහභාගි වුණා.

ඔබේ ඡායාරූප සංස්කෘතියට බලපෑමක් ඇති කරන්නේ නැද්ද,සමහර අය සංස්කෘතිය කියන වචනය අරගෙන මමත් එක්ක මේ සම්බන්ධව කතා කළා. හැබැයි මම හිතන්නේ නෑ මේ වගේ පින්තූර නිසා සංස්කෘතිය නැති වෙනවා කියලා. මේ වගේ වැඩ වල ප්‍රමිතියක් දකින්නේ පිටරටවල අය. හැබැයි රංගන ශිල්පිනියක් විදිහට ලංකාවේද මේ වගේ දේවල් වලට අවස්ථාවක් දිය යුතුයි කියලා මම හිතනවා. මෙතන සංස්කෘතියට මොනම විදිහක වත් බලපෑමක් නැහැ.

ඔබට වෘත්තිමය රඟපෑම අස්ථාවරය කියලා හිතනවද, එහෙම දෙයක් සිද්ධ වුණා කියලා මම තවම මගේ ව්‍යාපාරයක් පටන් ගන්න තැනට ඇවිත් නැහැ. තවමත් මම වෘත්තිමය වශයෙන් රංගන කටයුතු වල නිරත වෙන කෙනෙක්. කිසිම දෙකට මම ආයේ දේශපාලනයට එන්නේ නැහැ කියලා හිතාගෙන ඉවරයි. ජීවිතයේ කවදාවත් ඒ තීරණය ආපහු වෙනස් වෙන්නේ නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *