‘ආයෙත් බැන්දා’ – හැමෝම ආදරේ කරන සාරංග සහ දිනක්ෂි ආයෙමත් විවාහ වෙලා..?

කලා ලෝකයේ ගොඩක් ආදරේ කරන සුන්දර යුවලක් තමයි සාරංග සහ දිනක්ෂි කියන්නේ. ඒ වගේම ලංකාවේ වැඩිපුරම කතාබහට ලක්වෙන යුවලත් සාරංග සහ දිනක්ෂි හඳුන්වන්න පුළුවන්. මේ යුවල මේ තරම්ම ජනප්‍රිය වෙන්න හේතුව තමයි සාරංගගේ පලවෙනි විවාහය, සාරංග පලවෙනි වතාවට විවාහ වෙන්නේ ජනප්‍රිය නිළියක වන උමාලි තිලකරත්න සමග කොහොම වුනත් එම විවාහය සාර්ථක වෙන්නේ නෑ. පුද්ගලික ජීවිතයේ ගැටළු කිහිපයක් නිසා සාරංග සහ උමාලි ඔවුන්ගේ කසාදයට සමුදෙනවා. ඊටපස්සේ තමයි සාරංග සහ දිනක්ෂි එකතු වෙන්නේ.

කොහොම වුනත් මේ වනවිට සාරංග සහ දිනක්ෂි කියන්නේ ආදරණීය දෙමාපියන් යුවලක්. කොහොම වුනත් සාරංග සහ දිනක්ෂි ඔවුනේ ආදරණීය දියණියගේ මුහුණ සමාජ ජාලාවලට පෙන්නන්නේ නෑ. ඒ වගේම සාරංග සහ දිනක්ෂි මේ වනවිට අලුතෙන් ගෙයක් හදන්නත් පටන් අරගෙන. පසුගිය කාලයේ සාරංග සහ දිනක්ෂි විදෙස්ගත වෙන්න යනවා කියලා කට කතාවක් පැතිරුනා, හැබැයි සාරංග සහ දිනක්ෂි කිවුවේ එයාලගේ එහෙම තීරණයක් නෑ කියලා.

දවසින් දවස පුවත් මවන යුවලක් වන සාරංග සහ දිනක්ෂි මේ වනවිට නැවතත් හැමෝම අතර කතාබහට ලක්වෙන චරිත දෙකක් බවට පත්වෙලා තියෙනවා ඒකට හේතුව තමයි සාරංග පසුගිය දවසක ඔහුගේ මුහුණු පොතට එකතුකරලා තිබුන පින්තූර කිහිපය සහ එම පින්තූර වලට අදාළ කැප්ෂන් එක. ඉතින් එම පින්තුර වලට සාරංග යොදාගෙන තිබ්බේ මේ වගේ කැප්ෂන් එකක් ”ආයෙත් බැන්දා We had a moment while Aseka and Janik were busy taking their pictures” ඉතින් සාරංගගේ මේ පින්තූර වලට මේ යුවලගේ රසිකයින් රැසක් අපූරු ප්‍රතිචාර රැසක් දක්වලා තිබ්බා.

Related Posts

Leave a Reply

Your email address will not be published.