ආදරේ කියන්නේ සැපේදී වගේම දුකේදීත් අප ළඟ රැඳිමයි. ආදරේදි දෙන පොරොන්දු රකින්න පුළුවන් කීයෙන් කීදෙනාටද. පහුගිය දිනක එහෙම ආදරේට දීපු පොරොන්දු රකින අපූරු යුවළක් ගැන අපිට දකින්න ලැබුනා. මීට කලින් පාදය අහිමි වුන තරුණියකගේ අත ගත්ත තරුණයෙක් ගැන අහන්න ලැබුනා වෙද්දි ඒ දෙදෙනාගේ ඡායාරූප පවා සමාජ මාධ්‍යය ඔස්සේ හුවමාරු වුනා. එදා එහෙම දැකපු දෙදෙනා අද තුන් දෙනෙකු වි හමාරයි.
මොකද ඒ පුංචි කැදැල්ලට මේ වන විට පුංචි දරු පැටියෙක් ඇවිත් හමාරයි. පාදයක් අහිමි වුනත් ඒ තරුණයා කිසි දිනෙක ඒ තරුණියව අත්හැරියේ නැත. ඒ නිසා ඒ ආදරයේ සතුට සදාකාලික පවත්වා ගන්නට ඔවුන්ට හැකි වුණා. විවාහ ජීවිතයට ඇරඹීමට පෙර විවාහ කටයුතු සඳහාම පිටත්ව යද්දි දිනක මොවුන් අනතුරට මුහුණ දුන් අයුරු ඇය සිහි කලේ මේ ලෙසට.
ඇක්සිඩන්ට් එක වුන වෙලාවේ මට තේරුණා මගේ කකුල නැහැ කියලා. අයියට ඒ වෙලාවෙ සිහියේ තිබිලා නැහැ. හැබැයි ඒ වෙලාවේ කිසිම ගැහැනු කෙනෙක් ඉදිරිපත් වුණේ නෑ මාව අල්ලන්න. ආර්මි එකේ අයියා කෙනෙක් තමයි මාව අල්ලගෙන කරාපිටිය හොස්පිටල් එකට එක්ක ගියේ. අයියට අවුල් කෙල්ලට අමාරුයි කියලා තමයි ගොඩක් අය කිව්වේ.
කොහොමහරි ඩොක්ටර් මට කිව්වා මගේ මගේ කකුල අයින් කරන්න සිද්ධ වෙනවා කියලා. මම කිව්වා කමක් නැහැ කියලා. මගේ අම්මා තාත්තා ගොඩක් ඇඬුවා. අයියා හිතුවේ නෑ මගේ කකුල අයින් කරන්න වෙයි කියලා. ඒක දැන ගත්ත වෙලාවේ එයා ගොඩක් ඇඬුවා. හැබැයි එයා කිසිම වෙනසක් කලේ නෑ මට. කතාවවත් වෙනස් කළේ නැහැ. එයා හැමදාම මට පොරොන්දු දුන්නේ මාව හොඳට බලා ගන්නවා කියලා. අම්මා තාත්තා නැති වුනත් එයා මගේ ළඟ ඉන්නවා කියලා කිව්වා. ඒ දීපු පොරොන්දු එයා අදටත් රකිනවා. එයා හරි ආදරයෙන් එදත් මාව බලාගත්තා අදත් මාව බලාගන්නවා.