‘ආපහු රඟපාන්නේ නෑ මම රට යනවා’ හැමෝම ආදරේ කරන මංජුලා රට හැරයන්න සැරසෙයි

මංජුලා කුමාරි කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක්. අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ ඇය ගැනයි. ඇත්තටම ඔබ දැන් රංගනයෙන් සමු අරගෙන කියලා සමහරු හිතනවා ඇති, ඇත්තටම මේ වෙද්දි ඔබ කලාවට තිත තියලද, ”ඇත්තටම මම නිර්මාණ වලට සම්බන්ධ වෙනවා අඩුයි දැන්. රංගනය වෙනුවෙන් ලොකු කාලයක් වැය කරන්න මට අමාරුයි. මම ගොඩක් වෙලාවට කැමති දරුවන් එක්ක කාලේ ගත කරන්න. මේ කාලේ තමා දරුවන් ලඟ අම්මා කෙනෙක් සිටිය යුතුම කාලය. මම මගේ මගේ ජීවිතේ දරුවන් වෙනුවෙන් කැප කරන්න තීරණය කරලා ඉවරයි. සමහර විට ඉදිරියේදී මම නිර්මාණවලට සම්බන්ධ නොවේවි. සම්බන්ධ වුණත් මගේ දායකත්වය අඩු වේවි. මගේ ජීවිතයේ මුල් තැන දරුවන්ට වෙද්දි සමහර කැපකිරීම් මට ජීවිතයේ කරන්න සිද්ධ වේවි.”

නිර්මාණ වලට සම්බන්ධ වීම අඩුවක් වුනොත් ඔබේ ජනප්‍රියත්වය අඩු වේවි නේද, මම හිතන්නේ නෑ මට එහෙම දෙයක් සිද්ධ වෙයි කියලා. මම අදටත් ප්‍රේක්ෂකයන්ගේ හදවත් තුළ රැඳිලා ඉන්නේ ඕලු කියන චරිතය හරහා. මම නැති කාලේක වුනත් සමහරු මාව ඔලු කියන චරිතෙන් හඳුන ගනීවි. ඒ නිසාම මට ලැබුණු ජනප්‍රියත්වය අඩු වෙයි කියල මට හිතෙන්නෙ නැහැ. කලාව කියන්නේ මම වෘත්තීය වශයෙන් කරන දෙයක් නෙවෙයි. හැබැයි අදටත් මම පාරට බැස්සොත් මේ ඕලු නේද කියලා සමහරු කතා කරනවා. ඉතින් ඒ ගැන මට ලොකු සතුටක් තියෙනවා.

විදේශගත වෙන්න අදහසක් තියෙනවද, ගෙවුණු කාලය පුරාවට රටේ තිබුණ තත්ත්වයත් එක්ක ඇත්තටම විදේශගත වෙන්න බැරිවුණා හැබැයි මමත් නංගිත් විදේශගත වෙන්න බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ. රටේ තත්ත්වය එක්ක බලනවා ඉතින් ඒ දේවල්.

රංගනයෙන් මදක් ඈත් වෙන්න ඔබ ගත්ත තීරණය හරි කියලා හිතනවද, ”මම මේ වෙද්දි කලාව තුළ නමක් හදාගෙන ඉවරයි. එහෙම හදාගත්ත නමත් රැකගෙන පැත්තකට වෙලා නිහඬව ඉන්න එක හොදයි කියලා මට හිතෙනවා. මෙගා නාට්‍යවලින් පවා මට ආරාධනා ලැබෙනවා. හැබැයි මම ඒ කිසිම ආරාධනාවක් පිළිගන්නේ නැහැ .ඇත්තටම මෙගා නාට්‍යවලට සම්බන්ධ වෙන්න මගේ අදහසකුත් නෑ.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *