ආදරේ කරපු නිළියටත්, පන දෙන්න හිටපු යාළුවන්ටත් අමතක වුන දසුන් නිශාන් අපෙන් සමුගෙන වසර පහයි,

රංගන ලෝකය කියන්නේ දවසින් දවස අලුත් වෙන තැනක්, කාලෙන් කාලෙට එක එක චරිත කළා ලෝකය හරහා කරලියට එනවා, අපේ කළා ලෝකයට නිතරම වගේ අලුතෙන් එකතු වෙන්නේ රංගන ශිල්පිනියන්, ඒ වගේම කලාව තුල රංගන ශිල්පියෙකුට සාපේක්ෂව රංගන ශිල්පිනියකට ජනප්‍රිය වීම පහසුයි, රංගන ශිල්පියෙක් වෙන්න තරමක් අපහසුයි ඉතින් ඒ අපහසුකම් මැද්දේ කලාව තුල ජනප්‍රිය වුනත් සමහර කළා කරුවන් රංගනයෙන් සමු ගන්නවා, තවත් සමහර රංගන ශිල්පියන් අකාලයේ මිලින වෙනවා,

ඉතින් අද කතා කරන්න සූදානම් වෙන්නෙත් ඒ වගේ රංගන ශිපියෙක් පිළිබඳව, නිට්ටඹුව ප්‍රදේශයේ ඉඳන් කලාවට ඇවිත් රංගන ක්‍ෂේත්‍රයේ අය අතරේ වගේම රසිකයන් අතරෙත් ආදරය දිනාගත් හැඩකාරයා, දඟකාරයා, හිතුවක්කාරයා තමයි දසුන් නිශාන් ද සිල්වා කියන්නේ, නිට්ටඹුව තිහාරිය උපන් දසුන් නිශාන් සිප් සතර හදාරන්නේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයෙන්, ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරු දසුන් කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුලත් වෙලා BIT උපාදිය ලබාගෙන පරිගණක මෘදුකාංග ඉංජිනේරුවෙකු ලෙස කාලයක් සේවය කළා,

මෘදුකාංග ඉංජිනේරුවෙකු විදියට සේවය කරන අතර තුර දසුන්ගේ සිහිනය වුනේ රංගන ශිල්පියෙක් වෙන එක, ඉතින් ඒ සිහිනය සැබෑ කරගන්න දසුන් නිරූපණ ක්‍ෂේත්‍රයට පිවිසෙනවා, ඉන්පසු රංගන භූමිකාවට එළඹුන දසුන් ටෙලිනාට්‍ය ගණනාවක්ම හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගන්න සමත් වෙනවා, අවසන් ගමන් යනවිට දසුන් නාට්‍ය 13 ක් චිත්‍රපටයක් හා වේදිකා නාට්‍යයකටද සිය රංගන දායකත්වය ලබා දීලා තියෙනවා,

විවාහක තරුණයෙකු වුන දසුන් රංගන ක්ෂේත්‍රයේ නියැලෙන සහෝදර රංගන ශිල්පියන් පිරිසක් සමග පන්නිපිටිය ප්‍රාද්ශයේ බෝඩිමක නතර වෙලා හිටපු දසුන් සිය කැමැත්තෙන්ම මොලොව හැරදාලා යන්නේ ජනප්‍රිය නිළියක සමග තිබුන ආදර සම්බන්දයක ඇති වූ ගැටළුවක් නිසා කියලයි විවිද ආරංචි මාර්ග හරහා දසුන්ට ආදරේ කරන රසික රසිකාවියන්ට දැනගන්න ලැබුනේ, දැන් දසුන් අප අතරින් සමුගෙන සැප්තැම්බර් 25වන දිනට වසර 5ක් වෙනවා, කොහොම වුනත් එකට කළා ක්‍ෂේත්‍රයේ නියැලුන සහෝදර කළා කරුවන්ට වගේම දසුන් ආදරේ කරපු රංගන ශිල්පිනියටත් දැන් දසුන්ව අමතක වෙලා, මොකද එහෙම කියන්න හේතුව තමයි කන බොන කෑම පවා ස්ටෝරි දාන රංගන ශිල්පියන් ශිල්පිනියන් අපෙන් සමුගෙන වසර පහක් ගත වුන දසුන්ට නිවන්සුව පතලා ස්ටෝරි එකක්වත් දාලා තිබ්බේ නෑ , කොහොම වුනත් අපි හැමෝම ආදරේ කරපු ජනප්‍රිය රංගන ශිල්පී දසුන් නිසාන් ඔබට නිවන් සුව, සාමයෙන් සැතපේවා…

Related Posts

Leave a Reply

Your email address will not be published.