Sat. May 21st, 2022

දෙරණ අවුරුදු කුමරිය හරහා ප්‍රේක්ෂකයන් අතරට ආව ඇය පුංචි තිරයේ ප්‍රේක්ෂකයින් ආදරය කරන නවක රංගන ශිල්පිනියක්. විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයන්ගේ හදවත දිනාගත්ත ඇය කස්තුරි ජයවර්ධන. ඉතින් මේ සූදානම ඇය ගැන කතා කරන්න. කස්තුරි කලාවට සම්බන්ධ වෙන්නේ කොහොමද, ”2019 දෙරණ අවුරුදු කුමරිය තරගයෙන් දෙවැනි ස්ථානය හිමිකර ගන්න මට වාසනාවක් හිමිවෙනවා. එතනින් තමා මගේ ගමන ආරම්භ වෙන්නේ. දෙවැනි ස්ථානය හිමිකර ගත ට පස්සේ ගොඩක් අය මාව දැන අඳුර ගත්තා. මම මුලින්ම ටෙලි නාට්‍යයකට කියලා සම්බන්ධ වුණේ හුස්මක් තරමට ගෙන ටෙලිනාට්‍යට. ඒ අවස්ථාව මට හිමි වුණෙත් වුණෙත් සංගීත් අයියා නිසා.”

ප්‍රේමය ගැන ඔබ හිතන්නේ කොහොමද, ”ආදරේ කියන දේ ගැන මම තවම හිතලා නැහැ. මොකද මම තවම පොඩියි ඒ ගැන හිතන්න. මට ආදරේ ගැන හිතන්නවත් වෙලාවක් නැහැ. අද ඒ තරමට වෙලාවකට මම කාර්යබහුල වෙනවා.”

ජනප්‍රිය වෙන්න වෙන්න මනුෂ්‍යයන්ගෙන් විවිධ චෝදනා එල්ල වෙනවා නේද, ”ඇත්තටම ඔව්. එහෙම සිදුවීම් ඕන තරම් තියෙනවා. හැබැයි මම කිසිම වෙලාවක මගේ ප්‍රතිරූපය හානි කර ගන්න සූදානම් නැහැ. මට යම්කිසි බලපෑමක් ආවොත් මම රංගනයෙන් වුණත් අයින් වෙනවා. මොකද රංගනයට වඩා මට මගේ ආත්ම ගෞරවය වටිනවා. හැබැයි අපි හොඳට ඉන්නවනම් අපිට එහෙම චෝදනා එල්ල වෙනවා අඩුයි. අපි හරියට ජීවත් වෙනවා නම් අපට කිසිම කෙනෙකුගෙන් බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ.”

අද ඔබ ඉන්න තැන ගැන සතුටු වෙනවද, ”ඇත්තටම ඔව් මම ගොඩක් සතුටු වෙනන මම අද ඉන්න තැන ගැන. මම රඟපානවා දැකලා මගේ පවුලේ අය සතුටු වෙන හැටි බලලා මම ලොකු සතුටක් ලබනවා. මම හෙමින් හරියට මගේ ගමන යන්න බලාපොරොත්තු වෙනවා. කිසිම හදිස්සියක් නෑ මට මගේ ගමන යන්න.”

ඔබ සම්බන්ධ වුණ චරිත ගැන කතා කළොත්, ”මෙගා නාට්‍යයක් විදියට මේ දවස් වල මම නීල පබලු ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙලා තියෙනවා. මට ලැබිලා තියෙන මහීමා කියන චරිතය. මහිමා කියන්නේ ගමෙන් කොළඹට ඇවිත් වෘත්තියක් කරන තරුණියක්. ඉතින් ඒ චරිතය මගේ ජීවිතයට ගොඩාක් සමීප වෙලා තියෙනවා. පෝර්ක් විදියේ ටෙලිනාට්‍යයේ ගුරුවරියක් විදියටත් දිග දවසක් ටෙලි නාට්‍යයයේ කුමී විදිහට රඟපානවා. දැනට ඒ චරිත ටික තමා රඟපාන්නේ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *