‘ආදරය පිරිමි කෙනෙකුගෙන්ම ලබන්න ඕන නෑනේ’ ජනප්‍රිය නිලි නිරන්ජනී කියන කතාව

නිරංජනී ශන්මුගරාජා කියන්නේ මෑත කාලයේදි රංගනය තුළින් නමක් දිනාගත්ත නවක පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක්. ඉතින් අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ ඇය සමඟයි. ඔබ අභියෝග කියන දේවල් භාරගන්නේ කොහොමද ? ”මම අභියෝග වලට ගොඩක් ආස කෙනෙක්. අභියෝග කියන දේවල් ජිවිතේට එකතු වෙද්දි තමා අපිට ජිවත් වෙනවා කියලා දැනෙන්නේ. මම හිතන්නේ ජීවිතයේ සාර්ථකත්වයට අභියෝග කියන දේ බලපානවා. මට ජීවිතයේ ගොඩක් අභියෝග හමු වුනා. ඒ හැම අභියෝගයකටම මම මුහුණ දුන්නා.

මම අද නිළියක් වුණාට එදා මම ප්‍රතික්ෂේප වුන කෙනෙක්. ගොඩක් මම හෑල්ලුවට ලක් කලා. හැබැයි මට මම අභියෝගයක් දුන්නා. මම දමිළ කෙනෙක් වුන එකත් සමහරුන්ට ප්‍රශ්නයක් වුනා. හැබැයි මම ඒ අභියෝගයත් භාරගත්තා. අභියෝග ගොඩක් මැද්දේ තමා මම මගේ ගමන පටන් ගත්තේ. මම අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන කෙනෙක්. අන්තර්ජාතික සම්මාන වලට පවා මාව තේරි පත් වුනේ මේ අභියෝග වලට මුහුණ දුන් නිසා.”

ආදරේ කියන දේ දැනෙන්නේ කොහොමද, ”අද සමාජයේ ආදරය කියන දේ තීරණය වෙන්නේ වෙනදේවල්මත කියලයි මම හිතන්නේ. හදවතට දැනෙන දේවල් වලට වඩා අද සමාජයේ තාක්ෂණය නිසා ක්ෂණික තිරණ වලට එනවා. ආදරය කියන දේ පිරිමි කෙනෙකුගෙන් ලබන්න ඕනිමයි කියලා මම හිතන්නේ නෑ. මොකද මම ලග තියෙන පෙඩි පොඩි දේවල් වලිනුත් මට ආදරය තිරණය කරන්න පුළුවන් කියලයි මම විස්වාස කරන්නේ. ආදරය කියන දේ අපිට දැනෙන්න ඕනි. කතාවෙන් වගේම ක්‍රියාවෙන්.

ජිවිතේ ඉලක්ක ගැන කතා කලොත්, ”ම⁣ගේ ජිවිතේ මට ඉලක්ක නෑ. මට තියෙන්නේ අභියෝග විතරයි. මම මගේ ගමන යන්නේ කාටවත් කරදරයක් නැතුව. මට ඕනි හොද මතකයන් ඉතුරු කරලා යන පුද්ගලයෙක් වෙන්න. ඒක තමා මගේ ලොකුම අරමුණ වෙන්නේ. ම⁣ගේ ජිවිතේ මම යන්න ඕනි ගමන ස්භාවධර්මය තිරණය කරලා ඉවරයි. මම මගේ ගමන සොබා දහම එක්ක යන කෙනෙක්.”

ජිවිතේ ලැබෙන ජයග්‍රාහන දැනෙන්නේ කොහොමද, ”මම මට ලැබෙන හැම ජයග්‍රාහණයක්ම වගකිමක් විදිහට දකින්නේ. මම කවදාවත් ජයග්‍රාහණය කියන දේ ඔළුවට ගන්න කෙනෙක් නෙවෙයි. මට ලැබෙන හැම ජයග්‍රාහණයක්ම මගේ අලුත් ගමනකට දොර ඇරිමක්. මම ලැබෙන සම්මාන වලින් සතුටු වුනත් ම⁣⁣ගේ අරමුණු වලට යනවා කිසිම වෙලාවක ජයග්‍රාහණය ගැන නොසිතා.”

ප්‍රථම ප්‍රේමයත් මතක් කළොත්, ”ප්‍රථම ප්‍රේමය මගේ පාසල් කාලයේ තිබුණු ප්‍රේමයයි. මට එයාව මුලින්ම මුණ ගැහෙන්නේ ටියුෂන් ක්ලාස් එකේදී. ඒ සාමාන්‍ය පෙළ ඉගෙන ගනිද්දී. එයා දමිළ පිරිමි ළමයෙක් වෙද්දි එයා තමයි මුලින්ම මට ආදර යෝජනාව ගෙනාවේ. ඒ ආදර කතාව හරිම සුන්දරයි. ඒ කාලේ හොරෙන් තමයි කතා කරන්නේ අපි දෙන්නා. ගෙදරට හොරෙන් තමයි අපි අපේ ආදර කතාව ⁣ගෙන ගියේ. ඒ වගේ සුන්දර ආදර කතා අද සමාජයේ නැහැ. ඇත්තටම ආදරේ කියන දේ ඒ කාලේ තමයි අපි වින්දේ.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *