Tue. May 17th, 2022

ලංකාවේ වත්මන් ජනාධිපති තමයි ගෝඨාභය රාජපක්ෂ කියන්නේ. කොහොම වුනත් මේ වනවිට එම තත්වය වෙනස්වෙමින් පවතියනවා. එයට හේතුව තමයි අද වනවිට රාජපක්ෂ පාලනය එපා කියමින් විශාල ජන ගඟක් පාරට ඇවිත් ජනතා අරගලයක් පටන් අරන්. ඒ වගේම මේ වනවිට අගමැති කම දැරූ මහින්ද රාජපක්ෂ මහතාත් මේ වනවිට සිය ධූරයෙන් ඉවත්වෙලා. ඒ වගේම ලංකාවේ වගකිවයුතු පාර්ලිමේන්තු ඇමති වරයෙක් වන නාමල් රාජපක්ෂගේ බිරිඳ ඇතුළු නවදෙනෙකුත් ලංකාවෙන් පිටවෙලා ගිහින්.

ඒ වගේම තමයි මෙම ආණ්ඩුවේ ලොකුම හවුල්කරුවෙක් වන නිශ්ශංක සේනාධිපතිගේ පවුලේ සාමාජිකයින් අද හවස ලංකාවෙන් පිටවගොස් තිබෙනවා. ගුවන්තොටුපල විශේෂ අමුත්තන්ගේ පර්යන්තයෙන් මෙම අය UL 101 දරන ගුවන්යානයෙන් මාලදිවයින් බලා පිටත්වගිහින් තියෙනවා. ඇවන්ගාඩි ආරක්ෂක සේවාව අයිති නිස්සංක සේනාධිපතිපති වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂාගේ ලඟම හිතවතකු වන අතර පසුගිය දිනවල සිදු වූ බොහෝ පහරදීම් සහ කඩාකප්පල්කාර් ක්‍රියාවක් සඳහා මෙම ආරක්ෂක සේවේ සාමාජිකයින් යොදාගත් බවට නිස්සංක සේනාධිපතිපති හට බරපතල චෝදනා එල්ල කෙරුණා.

කොහොම වුනත් අපට දැනගන්න ලැබුනේ මාලදිවයින් බලා පිටත්වුන නිස්සංක සේනාධිපතිපති පසුව තවත් රටකට පිටව යාමට සැලසුම් කර ඇති බවයි. කොහොම වුනත් ඒ පිලිබඳ තවම නිල වාර්තාවක් ලැබී නෑ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *