Sat. May 21st, 2022

මේ වනවිට ලංකාවේ හැමෝම ගොඩක් ආදරේ කරන ටෙලිනාට්‍යක් තමයි දෙවෙනි ඉනිම කියන්නේ, ඉතින් මේ නාටයේ ඉන්න දඟකාර චරිතයක් තමයි ආක්ෂා කියන්නේ, ඉතින් ඒ චරිතය හරහා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් තමයි නෙත්මි නිෂේකා රොෂෙල් රොජර්ස් කියන්නේ. ඉතින් අපි හිතුවා අද නෙත්මි එක්ක ටිකක් කතාරන්න. නෙත්මි කලාවට පය තියන්නේ කොහොමද ”2019 වසරේදී මම ජාතික රුපවාහිනියේ අවුරුදු කුමරිය ලෙස තේරුණා, ඊටපස්සේ මම සක්කාරං ටෙලි නාට්‍යයේ ජයනිකාගේ චරිතයට පන පෙව්වා, ඊට පස්සේ තමයි මට ආක්ශාගේ චරිතය ලැබුනේ,

පොඩි කාලේ ඉඳලම ඔබ ආද කලේ නිලියක් වෙන්නද ”මෙහෙමයි මගේ හිතේ කලාවට එන්න කියලා අරමුණක් තිබ්බේ නෑ, හැබැයි මම පොඩි කාලේ ඉඳලම කලාවට ගොඩක් ආසයි, මටත් වඩා කලාවට ආස කරන්නේ මගේ අම්මා, අම්මා ඉස්සර ගොඩක් ආසාවෙන් ඉඳලා තියෙනවා කලාවට එන්න, එත් අපේ ආච්චි හරිම වසයිලු එයා අම්මට කලාවට යන්න දීලා නෑ, හැබැයි මම මගේ පළමු ටෙලිනාට්‍ය සක්කාරං හි රඟපානකොට මගේ අම්ම විදිහට රඟපෑවේ මගේ අමම්මයි. අම්මා එදා දැක්ක හීනේ අද මාතුලින් සැබෑ වෙලා. මම නිලියක් වුන එක ගැන මටත් වඩා සතුටු වෙන්නෙ අම්මා”

ඔබ ජනප්‍රිය නිලියක් නිසා ආදර යෝජනා ගොඩක් එනවා ඇති නේද ”අම්මෝ ඔව් යෝජනානම් ගොඩක් එනවා. හැබැයි මම ඒවා වැඩිය ගණන් ගන්නේ නෑ, කැම්පස් එකේදී තමයි ගොඩක්ම යෝජනා ආවේ, මොකද පාසලේ වගේ නෙවෙයි එතැන තියෙන්නෙ නිදහස් පරිසරයක්නෙ, කොහොම වුනත් මගේ ඉගනීම ඉවරවෙනකන් මම ඒ ගැන හිතන්නේ නෑ”

නෙත්මි මේ වෙද්දි ඔබගේ වෘත්තීය රංගනයද ”නැහැ රංගන මගේ වෘත්තීය නෙවෙයි, ඉගන ගන්න ගමන් තමයි මම රංගනයේ නියැලෙන්නේ, ඉගනීම අවසන් කලාම මම රැකියාවක් කරන්න කියලා හිතාගෙන ඉන්නවා, සමහර වෙලාවට දිගටම කලාවේ ඉඳීවි”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *