‘අහිංසකයි වගේ හිටියට මම ගොඩක් දඟ කෙල්ලෙක්’ ජනප්‍රිය නිලි අනුරාධා කියන කතාව

ආදරණිය සුන්දර චරිතයක්.නවක රංගන පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය අනුරාධා එදිරිසිංහ.පහුගිය කාලය පුරාවට ඇය පුංචි තිරයේ නිරතුරුව දකින්න ලැබුන චරිතයක්. දකින ඕනිම කෙනෙක් හිතන්නේ ඇය අහිංසක චරිතයක් කියලා. ඒ නිසාම ඇය ගැන අහන්න අපි හිතුවා “අහිංසකයි කියලනම් මම කියන්නේ නෑ. මොකද මම ගොඩක් දඟ කෙල්ලෙක්. මගේ හිතේ දෙයක් තියාගෙන මම තව දෙයක් කියන කෙනෙක් නෙවෙයි. මගේ කටට එන දේ මම කියනවා.

අනික මම එහෙම හිතේ දෙයක් තියාගෙන මවාපෑම් කරන චරිත වලට කැමති නෑ. මම කියන්නේ වහෙන් ඔරෝ නෙවෙයි ⁣කියන්න තියෙන දේ කෙලින්ම මුණට කියන චරිතයක් වෙන්න ඕනි අපි. මේ කොහොම වුනත් මගේ ඇතුළතින් අහිංසක චරිතයක් ජිවත් වෙනවා ඒක මම දන්නවා”

කලාවේ ඉදිරියටම යන්නද බලාපොරොත්තුව “මම ඉතින් තවම මේ කේෂ්ත්‍රයේ අලුත් කෙනෙක්.. මට තව ගොඩක් දේවල් ඉගෙන ගන්න සිද්ධ වෙනවා. මම ආසයි එක චරිතයකට කොටු නොවි විවිධ චරිත වලට මගේ දායකත්වය දෙන්න. ප්‍රවීණයන්ගේ උදව් ලබාගෙන මට ලැබෙන චරිත වලට උපරිම සාධාරණත්වය ඉෂ්ඨ කරන්න. මගේ හිතේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මේ කේෂ්ත්‍රයේ ඉස්සරහටම යන්න. අලුත් අත්දැකිම් එකතු කරගෙන අලුත් අලුත් දේවල් එකතු කරගෙන සාර්ථක ගමනක් යන්නයි ඇත්තටම ආසවෙන් ඉන්නේ.”

ඔබ ගෙවන ජිවිතේ කොයි වගේද? “මම ගෙවන ජිවිතේ ගැන ඇත්තටම මට සතුටුයි. රංගන ශිල්පිනියක් විදිහට මේ ලැබෙන ආදරයට ඇත්තටම මම ගොඩක් කැමතියි. මට හිතුවට වඩා ප්‍රතිචාර ලැබෙනවා. මම පහුගිය දිනවල ගොඩක් අය⁣ගේ පණිවිඩ වලට ප්‍රතිචාර පවා දැක්වුවා. මම හිතන්නේ අපිට මුදල් වලට ගන්න බැරි සතුට ජනතාවගෙන් ගන්න පුළුවන් වෙලා තියෙනවා. මොකද ඒ ලැබෙන ආදරේ වචනයකට සිමා කරන්නවත් බෑ. දැන්නම් රංගන ශිල්පිනියක් නොවුනත් දුකක් නෑ. මොකද මාව අද වෙද්දි ගොඩක් අය දන්නවා.ගොඩක් අය ආදරේ කරනවා මට.ඒ ගැන නිහතමානි සතුටක් තියෙනවා”

ඔබට ගොඩක්ම ලැබෙන්නේ ගැමි චරිත නේද? ” ඔව් ගොඩක් වෙලාවට මට ලැබෙන්නේ ගැමි චරිත. සමහර විට මට ඒ චරිත ගැළපෙනවා වෙන්න ඇති. මම කොහොමත් සරල චාම් කෙනෙක් නිසා හැමෝම මාව දකින්න කැමති ඒ චරිතයක් තුළින් වෙන්න ඇති. හැබැයි මම විවිධ චරිත රගපාන්න කැමති කෙනෙක්.

Leave a comment

Your email address will not be published. Required fields are marked *