අසේල මට උපරිම නිදහස දීලා තියෙන්නේ – නිරෝෂා තලගල

නර්ථනයට උපතින්ම දක්ෂතාව දක්වන රංගන ශිල්පිනියක් තමයි නිරෝෂා තලගල කියන්නේ. කොහොම වුනත් මේ වනවිට නිරෝෂා නර්ථනය පොඩ්ඩක් පැත්තකින් තියලා රංගනයට සම්පූර්ණ කාලය යොදවන්න තීරණය කරලා කියලා අපිට දැනගන්න ලැබුනා. ඉතින් අපි අද නිරෝෂා එක්ක ටිකක් කතා කරන්න හිතුවා. ඉතින් නිරෝෂා දැන් නර්ථනය අමතකම කරලා නේද ”අනේ නෑ, මම නර්ථනය අත්හරින්නේ නෑ. මේ දවස්වල රටේ තියෙන ප්‍රශ්න එක්ක පොඩි පොඩි ගණන් වලට අපේ නර්ථන කණ්ඩායම යොදවන්න බැහැ. ඒ නිසා ගාන ටිකක් වැඩිකලා ඉතින් ඒ නිසා වැඩත් ටිකක් අඩුවුනා. ටීම් එකේ ළමයිට දෙතුන්දාහක් දෙන්න බෑ මොකද එයාලා ප්‍රැක්ටිස් එන්නේ බස්වල. ඒකටත් ලොකු වියදමක් යනවා ඉතින් එහෙම එකේ ඒ ළමයිට පොඩි ගානක් දෙන්න බෑ නේ.”

නිරෝෂාගේ දුව දැන් හුරතල්ම වයසේ ඉන්නේ ඉතින් වැඩ නිසා නිරෝෂට දුවව ගොඩක් මගහැරෙනවා නේද ”ඒ කතාවෙනම් පොඩි අත්තක් තියෙනවා. අම්මා කෙනෙක් දරුවන් ළඟ ඉන්නම ඕන වයසක තමයි දැන් මගේ දුව ඉන්නේ, හැබැයි මට රංගන කටයුතු නතර කරන්නත් බෑ හැබැයි මගේ අම්මා වගේම මගේ සැමියාගේ අම්මත් දුවට මම නැති අඩුව පුරවනවා”

දුව තාම පුංචි නිසා සැමියා නීති එහෙම දාන්නේ නැද්ද ඔබගේ රංගන ජීවිතයට ”මෙහෙමයි රංගන ජීවිතයට සම්පූර්ණ නිදහස දුන්න කෙනෙක් තමයි මගේ සැමියා අසේල කියන්නේ. එයා නිසා තමයි මම රඟපාන්න එන්නේ. දැන් ඇති රඟපාන්න එපා කියලා එයා කවදාවත් කියන්නේ නෑ. හැබැයි දැන් ඉස්සර වගේ නෙවෙයි දැන් උදේම ෂූටින් වලට යද්දී අහනවා අදත් යනවද කියලා.”

Related Posts

Leave a Reply

Your email address will not be published.