අසේල තමයි ලෝකේ ඉන්න සුපිරිම සැමියා, එයා මට නිදහස දීලා තියෙන්නේ – නිරෝෂා

රංගන ශිල්පිනියක විදියට වගේම නර්ථන ශිල්පිනියක විදියටත් කාගේත් ආදරේ දිනාගන්න සමත්වුණ අපේ කළා ලෝකයේ ඉන්න දිදුලන තරුවක් තමයි නිරෝෂා තලගල කියන්නේ, කොහොම වුනත් දැන් නිරෝෂා නර්ථනය හරහා වැඩිය පේන්න නැතිවුනත් නිරෝෂා රංගනය ඔස්සේ හැමෝගෙම අවදානය දිනාගන්න සමත්වෙලා තියෙනවා, ඒ මේ දවස්වල අතිශය ජනප්‍රිය ටෙලිනාට්‍යක්වන ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනයවන කෝලම්කුට්ටම නාට්‍යයේ සබීතගේ චරිතය හරහායි, ඉතින් අපි කතා කරන්න සූදානම් වෙන්නේ

නිරෝෂා දැන් නර්ථන වැඩ කටයුතු නතර කරලද..? නතර කරලා නෑ, නතර වෙලා තියෙන්නේ, මොකද මේ දවස්වල රටේ තියෙන ප්‍රශ්න එක්ක අපිට වැඩ එන්නේ නෑ, පොඩි පොඩි ගණන් වලට වැඩ බාරගෙන බෑ, මොකද මගෙතේ එක්ක යන ළමයින්ට මම හොඳට ගෙවන්න ඕන, ඒ අය ලොකු කැපකිරීමක් කරලා තමයි මේ දේවල් කරන්නේ, ඉතින් මට එකට පොඩි ගානක් ගෙවන්න බෑ, ඉතින් ඒ නිසා මම දැන් වැඩිය වැඩ බාරගන්නේ නෑ, රංගයට තමයි දැන් වැඩි අවදානයක් දීලා තියෙන්නේ”

නිරෝෂාගේ දුව දැන් හුරතල්ම වගේ ඉන්නේ ඉතින් රංගනය නිසා ඔබට ඇය මගහැරෙන්නේ නැද්ද..? ” අම්මා කෙනෙක් දරුවෙක් ළඟ ඉන්නම ඕන කාලය තමයි මේ, හැබැයි එහෙමයි කියලා මට රංගන කටයුතු මගහරින්න බෑ, මම නිතරම නැතත් මගේ සැමියත් සැමියාගේ අම්මත් ඉන්නවා, ඒ නිසා මට බය නෑ, මමත් පුළුවන් හැම වෙලාවකම ඇය ලඟින්ම ඉන්නවා”

නිරෝෂාගේ දුව තාම පොඩි නිසා රංගනයට සැමියා නීති දාන්නේ නැද්ද ”නැහැ මගේ ජීවිතයට වගේම මගේ රංගන ජීවිතයට උපරිම නිදහස දුන්න කෙනෙක් තමයි අසේල කියන්නේ, ඇත්තම කියනවනම් එයා නිසා තමයි මම රඟපාන්න එන්නේ, එයා කවදාවත් දැන් රඟපාලා ඇති නතර වෙන්න කියන්නේ නෑ, හැබැයි දැන් මම ෂූටින් යද්දී හස්බන්ඩ් අහනවා අදත් යනවද කියලා, ඒ අහන්නේ රංගන ගැන හිතල නෙවෙයි අපේ ළමයා ගැන හිතලා,”

Related Posts

Leave a Reply

Your email address will not be published.