‘අවුරු දෙකකින් කොහෙවත් යන්න බැරි උනා’ ජනප්‍රිය නිලි නිම්මි කියන කතාව

නිම්මි මනෝහාරි කියන්නේ මේ දිනවල පොඩ්ඩි විදිහට ජනප්‍රිට චරිතයක්.⁣ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ මාස්ටර්ගේ දෙවනි දුව ලෙස රඟපාන නිම්මි රංගනයට උපන් හැකියාවෙන් යුක්ත කෙනෙක්. ඉතින් කලාවට ඇය දක්ෂ නිසාම කලාවෙන් එහා මාතෘකාවක් ගැන අද අපි කතා කරන්න හිතුවා. ඒ Traveling ගැන. ඇය බොහෝ සෙයින් Traveling වලට කැමකි කෙනෙක් බව දැනගත්තේ මේ කතා බහ අතර තුර. රටේ පවතින තත්වය එක්ක අවුරුදු දෙකකින් ඇය කොහෙවත් නොගිය බවයි මුලින්ම අප හා පවසා සිටියේ. නිම්මා කුඩා කාලයේ ඉදන් Travel කරනවද? “Travel කියන දේ මගේ හිතට දැනෙන්නේ Al කාලයේ. හැබැයි මම පුංචි කාලයේ අපේ අත්තම්මා මාව හැමතැනකම එක්ක යනවා ඇවිදින්න. අපි යන්නේ කොහෙද කියන්නවත් නොදැන මම ඇවිදින්න යනවා.”

ඔබ වැඩිපුරම යන්න ආස තැන, “මම ඇත්තටම ගොඩක් ආසයි නුවර එළියේ යන්න. අව්වට හුරුපුරුදු මට රස්නේ පැති වලට යන්න ලොකු ආසාවක් නෑ. මොකද මම නුවර හැදුන කෙනෙක්. ඉතින් දේශගුණය එක්කත් මම ආස නුවරඑළියට යන්න”

යන්න ආස හින දකින තැනක් ගැන කතා කලොත්, “ඇත්තටම මම ආසයි යාපනයට යන්න. අපේ ගෙදර අයනම් ගිහින් තියෙනවා. මම නෑ. එහේ යන්න විශේෂ හේතුව මම ආසයි යුද්ධයෙන් පස්සේ ඒ පැත්තේ ජනතාවගේ ජිවිතය ගැන දැනගන්න. තව එහේ විශේෂ තැන් බලන්න. අනික එහේ දෙමළ ජනයා ජිවත් වෙන ආකාරයට මම ගොඩක් කැමතියි. මේ හැමදේම මම මගේ ඇස් දෙකින් දකින්න ආසයි. මම Tv එකෙන් දකින යාපනයද ඇත්තටම තියෙන්නේ කියලා මගේ ඇස් දෙකින් දකින්න මම ආසයි.”

Travel කියන දේ ඔබ දකින්නේ කොහොමද ? “අපි බහුතරයක් ගෙවන ජිවිත ඒකාකාරියි. වැඩට යනවා එනවා. ඉතින් ඒ අතරමැද ඇවිදින්න යනවා කියන්නේ ලොකු සැහැල්ලුවක් ජිවිතේ. අනික නොදැකපු තැන් දැකගන්න ලැබෙන එක ලොකු සතුටක්. අපිට ජිවිතේට සුන්දර මතක පවා එකතු වෙනවා.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *