අවුරුදු 16ක් වුන ගමන් මට ඕන වුනේ බබෙක් හදන්න – උදාරි පෙරේරා

උදාරි පෙරේරා කියන්නේ මේ වනවිට ලංකාවේ හැමෝගෙම වගේ ආදරේ දිනාගන්න සමත්වෙලා ඉන්න රංගන ශිල්පිනියක්, ප්‍රවේගය සිනමාපටය හරහා හැමෝගෙම සිහින කුමරිය වුන උදාරි පෙරේරා සමගයි අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ, උදාරි අපිට දකින්න ලැබුනේ සිනමා රංගනය හරහා විතරයි, දැන් උදාරි රඟපාන්නේ නැද්ද ”කලින් මට නිර්මාණ කිහිපයකටම ආරාධනා ආවා හැබැයි පහුගිය කාලේ තිබ්බ තත්වය එක්ක ඒ නිර්මාණ රූගත කෙරුනේ නෑ, ඒ වගේම ලැබුන අනිත් නිර්මාණ මට එච්චර ගැලපෙන්නේ නෑ කියලා හිතුනා, ඒ නිසා ඒවා බාරගත්තේ නෑ”

ලංකාවේ ඉන්න නිළියන්ගෙන් වැඩිම මුදලක් අය කරන නිලියන් අතර කෙනෙක් ඉන්න ඔබ නේද..? දැන් ලැබෙන චරිත වලටනම් මුල් කාලයේ ගෙවපු තරම් ගෙවන්නේ නෑ, හැබැයි අඩු මුදලට වැඩ කරන්න මම කැමති නෑ, මම මගේ වටිනාකම ගැන හොඳට දන්නවා, රංගනයට එන්න ඕන නිසා අලුත් අය අඩු මුදලකට වැඩ කරනවා, ඒ වගේ වැඩ මට කරන්න බෑ, මම ඒ තත්වයට වැටෙන්නේ නෑ, වැඩ නැතුව හිටියත් මගේ ගාන මට ලැබෙන්නේ නැත්නම් මම ඒ දේවල් බාරගන්නේ නෑ,”

උදාරි වසර ගණනාවක්ම ගුවන්සේවිකාවක් විදියට රැකියාවේ නිරත වුනා නේද..? ”ඔව් මම කාලයක් ගුවන් සේවිකාවක් විදියට කටයුතු කළා, ඒ එක්කම තමයි මම රංගනයට සම්බන්ද වුනේ, හැබැයි මම ගුවන්සේවිකාවක් කියන රැකියාවෙන් ඉවත් වුනා, මොකද මට අවුරුදු 15 ක් 16 වගේ තේරුම් තියෙන කාලෙ ඉඳලම ඕන වුනේ විවාහ වෙලා දරුවෙක් හදන්න, ඉතින් මම විවාහ වෙනවත් එක්කම ඒ රැකියාවෙන් සමුගත්තා”

සැමියා ඔබට නීති දාලා තියෙනවද..? ‘අනේ කවදාවත් එයා මට කිසිම නීතියක් දාලා නෑ, ඒ වගේම එයා මට ගොඩක් ආදරෙයි, මම රංගන ශිල්පිනියක විදියටත් සාර්ථක වෙන්න ප්‍රධානම හේතුවක් තමයි මගේ සැමියා, මොකද මගේ වැඩ වලට එයා ගොඩක් උදවු කරනවා, ඒ වගේම එයා මම ගැන ගොඩක් හොයලා බලනවා, අපි ගොඩක් ආදරණීය ජීවිතයක් තමයි ගතකරන්නේ”

Related Posts

Leave a Reply

Your email address will not be published.