‘අවුරුදු හතක් එක දිගට සම්මාන හතක් ගත්ත නිළියක් මම’සුරඟනක් වගේ හැඩකාර දිනක්ෂි කියන කතාව

දක්ෂ රංගන ශිල්පිනියක්, නර්ථන ශිල්පිනියක් මෙන්ම නිවේදිකාවක් ලෙස කලාවට පිවිසෙන ඇය මේ වන රංගන ශිල්පියෙකුගේ ආදරණිය බිරිඳක්. ඒ වගේම ආදරණිය මවක්. කලාව කියන දේ ඇයට අලුත් දෙයක් නොවන්නේ කලා පවුලකින්ම ඉපදුන නිසා. දියණියන තුන් දෙනෙකු⁣ අතරින් වැඩිමල් දියණියක් වන ඇය නමින් දිනක්ෂි ප්‍රියසාද්. අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ ඇය සමඟයි.

කලාවට පැමිණි කාලයේ සිට ඇය එකට දිගට සම්මාන හතකට උරුමකම් කිවුවා. අවුරුදු හතකට සම්මාන හතක් ලබන්න තරම් ඇය වාසනාවන්ත රංගන ශිල්පිනියක් වුනා. ඒ ගැන ඇය කාලයකදි පැවසුවේ “අවුරුදු හතක් එක දිගට සම්මාන හතක් ගත්ත නිළියක් මම” යනුවෙන්. තමන්ට ලැබෙන නිර්මාණ වලට උපරිම සාධාරණත්වයක් ඉෂ්ඨ කරන ඇය කාලයක්⁣ සිනමාවේ නැවත දකින්න නොලැබෙන එකක් නෑ.

එයට හේතුව ඇය අලුතින් ලැබු මව් පදවියත් සමඟ. පුංචි දු පැටියෙකුට ආදරණිය මවක් වෙන ඇය ආදරණිය දියණියක් මෙන්ම ආදරණියක් බිරිඳක් වෙනවා. සාරංග පවසන ලෙසට ඇය වදනයෙන් පරිසමාප්ත බිරිඳක්. ඒ වගේම පවුල් ජිවිතේ තුළ දිනක්ෂි මනා වු තේරුම් ගැනිමකින් කටයුතු කරනවා. පවුල් ජිවිතේ සාර්ථකව ගෙනියන්න ඇයගෙන් ලැබෙන සහය මෙන්ම ඇය කරන කැප කිරිම වචනයෙන් කියන්න බැරි බවයි ඔහු තව දුරටත් දිනක්ෂි ගැන පවසමින් කියා සිටියේ.

දිනක්ෂි කියන්නේ බොහොම සතුටින් කාලය ගත කරන නවක පරපුරේ රංගන ශිල්පිනියක්. බොහෝ දෙනෙක් පවසන්නේ ඇගේ නළදත නිසා ඇය සුන්දර වි ඇති බවයි. ඇයකලාවට පිවිසෙන්නේ මුලින්ම වෙළඳ දැන්විම් හරහා. ඉන් පසුව රංගනයට එකතු වෙනවා. මවක් වුවත් සුන්දරත්වය අතින්නම් දිනක්ෂි තවමත් එදා මෙන්ම සිටියි. මවක් වෙන්න කලින් එක දිගට රංගනයේ නිරත වුනත් ඇය පවසා සිටියේ “මම සම්බන්ධ වෙන්නේ හොද නිර්මාණ කිහිපයකට පමණයි. ඒ වගේම මම සල්ලිම බලාපොරොත්තුවෙන් කලාවට එකතු වෙලා නෑ. සමාජය වෙනුවෙන් නිර්මාණ තුළින් දෙයක් කරන්න ඇගේ බලාපොරොත්තුව බවයි පවසා සිටියේ.”

සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන් දිනක්ෂි විවේචනයට ලක් වුනත් ඇය සාරංග හා ගෙවන ජිවිතේ සතුට කියන දේ බිදක් හෝ අඩු වි නැත. ඔවුන් ආදරය කරන්න ගත් මුල් කාලයේ සිට දෙමාපියන් වුවත් එදා මෙන්ම ආදරේ විදින බවය ඇය පවසා සිටියේ. සමාජය ඔවුන් කෙසේ දැක්කත් ඔවුන් ඔවුන්ගේ විදින ජිවිතයට සිමා දාගෙන නෑ. දිනක්ෂි යනු කවුරුන්ද යන්න ඇයව ආශ්‍රය කරන අය දන්න බවයි ඇය පවසන්නේ. කෙසේ වෙතත් දිනක්ෂි කියන්නේ ඇගයිමට ලක් කළ හැකි දක්ෂ රංගන ශිල්පිනියක්. ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන දිනක්ෂිගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *