Tue. May 17th, 2022

සිංහල සිනමාවේ ගිනි සිළුව ලෙස හඳුන්වන චරිතයක් තමයි අනෝමා ජනාදරී කියන්නේ. ලාංකේය සිනමා ලෝකයේ විශාල වෙනසක් සිදුකල ඇය මේ වනවිට කළා ලෝකය හරහා වැඩිය දකින්න ලැබෙන්නේ නෑ. නමුත් මුහුණු පොතෙනම් ඇය ගොඩක් ක්‍රියාශීලීයි චරිතයක්. අනෝමා කියන්නේ ගොඩක් ආදරණීය චරිතයක් ඉතින් ඇය ආදරේ ගැන කියන්නේ මේ වගේ කතාවක් ”මෙහෙමයි ප්‍රේමය කියන්නේ ජීවිතේම කොටසක්. ඇත්තම කියනවනම් මගේ සමාජය ඇතුලේ තියෙන්නේ ප්‍රතිගාමී අදහස්. තරුණ වයසේ අයට ආදරේ තහනම් මගේ සමාජේ ඇතුලේ විශේෂයෙන්ම ගෑනු ළමයින්ට”

ඔබගේ පළමු ප්‍රේමය ගැන මොනවද තියෙන මතක. ”මම අවුරුදු අටේදී විතර තමයි ලියුම් ලියන්න පටන් ගත්තේ ඒක දහම්පාසල් ප්‍රේමයක්. පුංචි කාලේ ඉඳලම මම දහම් පාසල් ගියා. අටෙන් පොත්තෙන් එලියට එන්න කලින් උබ ආදරේ කරන්න ගත්තා කියලා අම්මා හොඳටම බැන්නා මට අද වගේ මතකයි. සමහර දවස්වලට කාමරෙන් එලියට යැවුවේ නෑ.

මට ලියුම් ගෙනියන්නම වෙනම ටීම් එකක් හිටියා. ඒකත් අහු වුනාම මාව හරියට ඉස්කෝලේ යැවුවෙත් නෑ, එයා අයියගේ යාලුවෙක්. කොහොම හරි කාලෙන් කාලෙට හැම දේම වෙනස්වුනා. මට කොහොමත් ගොඩක් පෙම්වතුන් හිටියේ නෑ. මම ආදරේ කලේ ක්‍රීඩාවට ඒ නිසා කොල්ලෝ හතරක් පහක් වගේ පොඩි පිරිසක් හිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *