අවසන් ගමන් යන්න මොහොතකට කලින් කුමාර රණේපුර මහතා කියූ කතාව

ලංකාවේ සිනමාව තුල හැමෝම දන්නා චරිතයක් තමයි කුමාර රණේපුර කියන්නේ. සිනමා නළුවෙක් වගේම ටෙලිනාට්‍යය නළුවෙක් වන කුමාර රණේපුර පසුගිය 10න දා මෙලොවින් සමුගත්තා. ඒ වනවිට ඔහු 61ක් වන වියෙහි පසුවුණා. යතුරුපැදි අනතුරකින් පසු එක්තැන් වුන කුමාර රණේපුර කලපළුවාව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ සොයුරියකගේ නිවසක රෝගාතුරව සිටියදී මෙලොව හැරගොස් තිබෙනවා.

කුමාර රණේපුර මුලින්ම සිනමාවට අවතීර්ණ වෙන්නේ ‘කලු සුදු මල්’ සිනමාපටයෙන්. ඉන්පසු ඔහු ‘තුෂාරා’ ‘ජොලි හලෝ’ ‘රජ හොරු’ ‘ධවල පවුල’ වැනි සිනමාපට රැසක් කරහා ප්‍රේක්ෂක ආදරේ දිනාගන්න සමත්වුනා. බොහෝවිට සිනමාව හරහා පමණක් දකින්න ලැබුන ඔහු ‘පබා’, ‘සවීණා’, ‘කෝපි කඬේ’, ‘නෝනාවරුනි මහත්වරුනි’ ඇතුළු ටෙලිනාට්‍ය කිහිපයකටත් සිය රංගන දායකත්වය ලබාදීලා තිබුනා.

කුමාර රණේපුර රෝගාතුරව සිටි කාලය පිලිබඳ ඔහු පවසා තිබුනේ මේ වගේ කතාවක් ”මට මෙහෙම ඉන්න ගොඩක් අමාරුයි. අතපය හොල්ලන්නවත් බෑ පොඩ්ඩක් හරි සනීප වුනේ සිංහල බෙහෙත් කරන්න ගත්තට පස්සේ. මම කවදාවත් කාටවත් වරදක් කරපු කෙනෙක් නෙවෙයි. අපි බොරුවට කැමරාව ඉස්සරහා ගහගත්තට මම ඇත්තට කාවුරුවත් එක්ක ගහගෙන නෑ. මම මේ ආත්මේ කාටවත් කරදරයක් කරලා නෑ මේක මගේ පෙර ආත්මේ පවක් වෙන්න ඇති.”

ඒ වගේම ඔහු ඔහුගේ සමීපතමයන් පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක් ”මම ගොඩක් යාළුවො ආශ්‍රේකළා, මම කන බොන මිනිහෙක්. ඒත් මේ අනතුරෙන් පස්සේ ඒ කිසිම යාලුවෙක් නෑ. හැමෝම මාව මගහැරියා. ඒ වගේම මම කළා ලෝකයේ දැවැන්තයෝ රැසක් ආශ්‍රේකළා ඒ අයවත් මම ගැන පොඩ්ඩක්වත් බැලුවේ නෑ. හැබැයි මම ඒ අය එක්ක තරහා නෑ. එයාලා මොනවා කලත් මගේ හිතේ තරහක් නෑ ඒ අය හැමදාම මගේ යාළුවො මේ මගේ අන්තිම දවස් ටික කියලා මට හිතෙනවා හැබැයි මම සතුටෙන් ඉන්නවා”

මේ වනවිට කුමාර රණේපුර අප අතරින් සමුගෙන අවසන් කොහොම වුනත් කුමාර රණේපුර විසින් රංගන දායකත්වය ලබාදුන්න තවත් සිනමාපට රැසක් ඉදිරියේදී අපට දැකගන්න ලැබේවි. නමුත් ඔහු නැති අඩුව අපිට තදින්ම දැනේවි. අප අතරින් වෙන්වී ගිය කුමාර රණේපුර කළා කරුවාට අමා මහා නිවන් සැප ලැබේවා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *