අලුතෙන් එන නිලියෝ ගොඩක් අය මාව අනුකරණය කරනවා – චරිතාංග නිලි යුරේනි නොෂිකා

කලාවට සම්බන්ද තවමත් තනිකඩ ගොඩක් සුන්දර රුවකට හිමිකම් කියන්න දක්ෂ රංගන ශිල්පිනියක් තමයි යුරේනි නොෂිකා කියලා කියන්නේ, නිතරම විනෝදෙන් ඉන්න වගේම ඕනෑම අවස්තාවක හිනාවෙලා සතුටින් ඉන්න පුළුවන් හිත හයිය රංගන ශිල්පිනියක විදියටත් යුරේනි හඳුන්වන්න පුළුවන්, විවිද කළා නිර්මාණ හරහා වගේම නිරූපන ශිල්පිනියක විදියටත් ඔබෙත් මගෙත් ආදරේ දිනාගෙන ඉන්න යුරේනි සමගයි අද අපේ මේ කතා බහ, යුරේනි කොහොමද මේ දවස්වල මොකද වෙන්නේ ”මේ දවස්වල නම් වැඩ ටිකක් කරගෙන බොහොම සාම කාමී විදියට ඉන්නවා, ජීවිතේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් වුනා ඒවා ඉතින් සාමාන්‍ය දේවල් නේ මොකද හැමෝටම එකම විදියට හැමදාම ඉන්න බෑ නේ”

යුරේනි අතිශය ජනප්‍රිය වුන ටෙලිනාට්‍යක් තමයි කූඹියෝ කියන්නේ හැබැයි යුරේනි ඔබ කූඹියෝ නාට්‍යයෙන් පස්සේ ටෙලිනාට්‍ය රංගනයට සම්බන්ද වුනේ නෑ නේද..? ”ඔව් මම කූඹියෝ ටෙලි ද්‍රාමා එකෙන් පස්සේ වෙනත් ටෙලිද්‍රමා වලට සම්බන්ද වුනේ නෑ, විශේෂම හේතුව තමයි රටේ තිබ්බ අයහපත් වාතාවරණය. හැබැයි ටෙලි නාට්‍ය බාරගත්තේ නැති වුනාට ලැබුන අනිත් වැඩ ගොඩක් බාරගත්තා,”

යුරේනි අපි දකිනවාඔබ නිතරම සරාගී විදියට ඇඳුම් අන්දලා ගන්න පින්තූර සමාජ ජාලාවලට එකතු කරනවා ඇයි ඒ? ”මගේ වෘත්තීය එක්ක අපි නිතරම සමාජ මාධ්‍ය එක්ක ක්‍රියාශීලීව ඉන්න ඕන, එතකොට තමයි අපේ වැඩ ගැන තව අය දැනගෙන අපිට තව වැඩ එන්නේ, අනිත් කාරණය තමයි මම මගේ සාමාන්‍ය ජීවිතයේත් එහෙම තමයි ඇඳුම් අඳින්නේ, සරල පහසු ඇඳුම්වලට තමයි මම ගොඩක්ම ආස. මම දන්නවා මම ගැන, ඉතින් මගේ දේවල් වෙනක් කරන්න කාටවත්ම බෑ, අද කළා ලෝකයට එන ගැහැණු ළමයි ගොඩක් මාව අනුකරණය කරනවා, ඉස්සර ඒ ළමයින්ට බයයි තමන් කැමති විදියට අඳින්න, දැන් ඒ ළමයිට එහෙම ප්‍රශ්නයක් නෑ මොකද මම මට පුළුවන් විදියට ඒ සිස්ටම් එක වෙනස් කළා”

Related Posts

Leave a Reply

Your email address will not be published.