Tue. May 17th, 2022

මිෂෙල් දිල්හාරා කියන්නේ බොහෝ දෙනකුගේ හදවත වෙනස් අයුරින් සොරාගත්ත දක්ෂ රංගන ශිල්පිනියක්. සුන්දර යුවතියක් වුන මිෂෙල් හැමදාකම රඟපෑවේ දුක් විඳින කර්කශක ගැටළු වලට මුහුණ පාන යුවතියගේ චරිතයන්. සුදු ඇඳගෙන කළු ඇවිදින්, මැටි කඩුලු සකි මේ කාරණාවට හොඳම නිදසුන් වෙනවා. අපි හිතුවා ඇයත් සමඟ කතා කරන්න. මිෂෙල් රංගන ශිල්පිනියක් විදිහට චරිතයක් කරන්නේ තෝරා බේරාගෙන. එහෙම චරිත තෝරා බේරගෙන මිෂෙල්ට මිෂෙල් ගේ ජීවිතය හදාගන්න පුලුවන්ද,

මම රඟපාන්නේ සල්ලි හොයන අරමුණින් නෙවෙයි. මට ඕන සමාජයට සේවයක් කරන්න. අපි ජීවත්වන සමාජයට අපෙන් යුතුකම් බොහෝමයක් ඉටු වෙන්න ඕන. අපි අපෙන් වෙන්න ඕන යුතුකම් අමතක කළොත් අනාගතය වෙනුවෙන් අපිට තීරණ ගැනීමට නොහැකි වෙනවා. මම චරිත තෝරා බේරගෙන හරි මගේ යුතුකම වෙනුවෙන් පෙනී ඉන්නවා. මේ ක්ෂේත්‍රයේ විවිධ වූ ගැටළු තියනවා. ඒවා ගැනත් කතා නොකරම බැහැ. නවක රංගන ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට මේ ක්ෂේත්‍රය ගමන යාම පහසු නැ. ඔවුන් ට විවිධ වූ ගැටළු වලට මුහුණපාන්න සිද්ධ වෙනවා. කොහොම වුණත් අප රඟපාන්න ඕන වටිනාකම තේරුම් අරගෙන.

රංගනයට අමතරව ඔබ පරිසර හිතකාමී යුවතියක් ලෙස ලෝකය පුරා සංචාරය කරනවා නේද, Earth day Network ආයතනය අද වෙනකොට ලෝකයේ රටවල් 193 පුරා විහිදුණ පරිසර සංවිධානයක්. එම සංවිධානයේ ශාඛා 75,000කට වඩා ලෝකය පුරා පැතිරිලා තියෙනවා. මෙම සංවිධානයේ උපදේශක කමිටුවේ හොලිවුඩ් නළු ලියනාඩෝ ඩී කැප්‍රියෝ හිටපු ඇමරිකා රාජ්‍ය ලේකම් ජෝන් කේරී, අනිල් කපූර් වගේ අය සේවය කරනවා. මෙම සංවිධානය ආසියාතිකයන්ට තනතුරු ලබාදීමේදී ජුහි චවුලා, මිස් මැලේෂියා මලීසා සහ ශ්‍රී ලංකාවෙන් මාව තෝරා ගත්තා. ඉතින් මම ආඩම්බර වෙනවා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවන් තනතුරක් දරන්න තරම් සුදුස්සෙක් වීමට අවස්ථාව ලැබිම ගැන.

ඔබ මුලින්ම රඟපෑ චරිතය ගැන මතක් කළොත්, මම මුලින්ම රඟපාන්නේ සිරස ටීවී නාලිකාවේ සල්සපුනා ටෙලි නාට්‍යයේ. එදා පොඩි පත්තරකාරි ලැබුණු ප්‍රතිචාර අදටත් වෙනසක් නැතුව ලැබෙනවා. ඕනිම කෙනෙකුට ජීවිතයේ හීන තියෙනවා. ඒ හීන ඔස්සේ තමයි ජීවිතය ගමන් කරන්නේ. ඉතින් මම කරපු හැම චරිතයකටම මට නොහිතපු විදිහට ප්‍රේක්ෂක ආදරය ලැබෙනවා. ඒ ගැන මට සතුටුයි.

ඔබේ පවුල ගැනත් මතක් කළොත්, මට හරි ලස්සන සුන්දර ළමා කාලයක් තියෙනවා. මගේ එකම බලාපොරොත්තු වුණේ නිළියක් හරි ගුරුවරියක් හරි වෙන්න.මගේ අම්මා තාත්තා කවදාවත් මට නීති දැම්මේ නැහැ මේ දේවල් කරන්න කියලා. එයාලා මට කැමති දේවල් කරන්න ඉඩ දුන්නා. එයාලගේ හීන වෙනුවෙන් එයාලා දරුවෝ පාවිච්චි කලේ නැහැ. මම නිළියක් වෙන්න කලින් සමාජ සේවිකාවක් විදියට වැඩ කටයුතු ආරම්භ කළා. අද මම නිළියක් වෙලා ඉන්නවා. ජීවිතයේ යන්න ඕන මාර්ගය තෝරගන්න ඕන අපිමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *