‘අලි බලන්න ගිහින් හොල්මන් දැකලා තොවිල් නැටුවා’ ජනප්‍රිය නළු රුවන් කියන කතාව

මේ දිනවල නාඩගම්කාරයෝ, ටිචර් අම්මා ටෙලිනාට්‍ය ඔස්සේ ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත් රුවන් සමඟ වෙනස්ම මාතෘකාවක් ගැන කතා කරන්නයි මේ සුදානම. Travel කියන්නේ අපි කවුරුත් ආස කරන දෙයක්. ඉතින් රුවන් කියන්නේ ඇවිදින්න කැමති කෙනෙක්ද? “ඔව් පුංච් කාලේ ඉදන් මම ඇවිදින්න ආස කරන කෙනෙක්. පාසල් කාලේනම් සිමා ඇතුලේ තමා Travel කියන දේ කලේ. දැන්නම් එහෙම කිසි සිමාවක් නෑ මට. මම තනියම හරි මට වෙලාවක් ලැබුනහම ඇවිදිනවා.”

විනෝදාංශයක් විදිහටද නැතිනම් දැනුම සදහාද ඔබ travel කරන්නේ. “ඇත්තටම මම විනෝදාංශයක් විදිහට තමයි ඇවිදින එක කරන්නේ. ඒ වගේම රංගන කටයුතු වලට ගියහම මට විවේකයක් ලැබුනහම මම ඒ සුන්දර තැන් හොයාගෙන ඇවිදිනවා. මම එහෙම ගියපු තැන් ඇත්තටම තියෙනවා. ඒ මතක සුන්දරයි.”

ලංකාවේ ඇවිදිනකොට අමතක නොවෙන සිදුවිම් පවා ඇතිනේ. ඒ ගැනත් මතක් කලොත්, “අමතක නොවෙන් එක සිදුවිමක් තියෙනවා. දවසක් අපි යාළුවෝ කට්ටියක් එක්ක අනුරාධපුරයේ ගියා. එහේ අපේ රංගන ශිල්පියෙක් ඉන්නවා. ඇත්තටම අපි සංගිත්⁣ ගෙදර තමා ගියේ. එදා අපි නාලා එහෙම ඉද්දි මම කිවා අලි බලන්න යන්න ඕන කියලා. ඉතින් අපි අලි බලන්න ගියා.

රැයක් එළි වෙනකන් හිටියා. ඒ ඉන්න අතරේ අපි යාළුවෝ දෙන්නෙත් ආරුඪ වෙන්න ගත්තා. හරියට හොල්මන් වලට බය වුනහම වෙන්නේ. අන්න ඒ වගේ දෙයක්. ඊට පස්සේ එයාලා හැසිරුන විදිහත් එක්ක අපි එයාලාගේ අත් කකුල් බැදලා තිබ්බා. ඒ කරලා පිරිත් කියලා එක ⁣එක දේවල් කලා. ඉතින් පස්සේ තොවිල් එහෙම කරලා තමයි එයාලා යතා තත්වයට ගත්තේ. අලි බලන්න ගිහින් අවතාරයක් හින්දා බලි තොවිල් පවා කලා අපි. හැබැයි ගමේ අය අපිට දොස් කිවා ඇයි ඒ ව⁣ගේ තැනකට තනියම ගියේ කියලා”

Travel කියන දේ දකින්නේ කොහොමද ? “ඒක ඇත්තටම ජිවිතේ යම් කෙනෙකුට ලැබෙන විශේෂ අවස්ථාවක්. අපි මනුස්සයෝ විදිහට ඉපදුනහම අපි පරිසරයට ආදරය කරන්න ඕන. හැබැයි ඒ ආදරය අවංක වෙන්න ඕන. ඉතින් ඇවිදින ඕනිම කෙනෙක් පරිසරයට මාරම ආදරෙයි.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *