තරුණ ආකර්ෂණය වැඩිපුරම ලැබෙන රංගන ශිල්පිනියක් තමයි මේධා ජයරත්න කියන්නේ. විවිද ටෙලිනාට්‍ය සහ සිනමාපට හරහා වගේම වෙළඳ නන්වීම් සහ රූපවාහිනී වැඩසටහන් හරහාත් මේධා ගොඩක් ජනප්‍රියයි. ඒ වගේම මේ දවස්වල ඇය පිලිබඳ වැඩිපුර කතා වෙන්නේ ඇයගේ බාහිර පෙනුම නිසා. මොකද මේධා කියන්නේ වයසට යන්නේ නැති දවසින් දවස හැඩ වෙන රංගන ශිල්පිනියක්. ඉතින් අද අපේ මේ කතා බහ ඇය පිළිබඳව.
මේධා මොකද්ද මේ සුන්දරත්වයේ රහස ”මෙහෙමයි ඉස්සරනම් මම මගේ ගැන වැඩිය හිතුවේ නෑ මම නිතරම හිතුවේ මගේ දරුවෝ දෙන්නා ගැන ඉතින් දැන් තමයි මම මගේ ගැන හිතන්න පටන්ගත්තේ. මම සතියට දවස් හතරක් විතර ජිම් එකට යනවා. එහෙම මහන්සි වෙලා කන්නාඩියක් ඉස්සරහට ගිහින් බලද්දී වෙනසක් පේනවා ඇඟේ හැඩයේ ඉතින් උනන්දුව වැඩිවෙනවා”
ඔබ මේ ආව ගමන පිලිබඳ මොකද හිතෙන්නේ ”ඇත්තටම ගොඩක් සතුටුයි මොකද මම මායිම් ගම්මානෙක ඉපදුන කෙල්ලෙක්. කොටි කාලේ මම හිටියේ මියිම් ගමේ. ඒ වගේ තකින් කැම්පස් ගිහින් පස්සේ රංගන ශිල්පිනියක විදියට මේ ආව ගමන පිලිබඳ මට ඇත්තටම ගොඩක් සතුටුයි.”
මේ දිනවල රටේ තියෙන තත්වයක් එක්ක කළා කරුවන් ගොඩක් පාරට බැහැලා අරගලයට සම්බන්ද වෙනවා ඉතින් ඒ පිලිබඳ අපූරු සටහනක් මේධා ඇයගේ සමාජ ජාලා ගිණුමට එකතු කරලා තිබ්බා ඒ තමයි ”අරගලයක ගින්දර Big match fun ජෝගියක් වෙන්න දෙන්න එපා! සටනක් හා නැටුමක් අතර වෙනසක් ඇත!” කියලා ඒ වගේම ඇය වැඩිදුරටත් එහි සඳහන් කරලා තිබ්බේ ”පොටෝෂුට් නමා වැඩියෙන්ම දැක්කේ” කියලයි”