අයුතිය අසාදාරනය රජ කරන කාලේ යුක්තිය වෙනුවෙන් සටන් කරන මතුගම පාලිත හූඩ්

ලාංකේය දේශපාලනයට සම්බදවෙලා ඉන්න දේශපාලකයන් අතරින් ලංකාවම හඳුනන දේශපාලනයට සම්බන්ද චරිතයක් තමයි පාලිත තෙවරප්පෙරුම කියන්නේ, කාලෙන් කාලෙට එක එක මාතෘකා හරහා ජන මාධ්‍ය තුලින් වගේම සමාජ මාද්‍ය හරහාත් හැමෝම අතර කතාබහට ලක්වෙන පාලිත තෙවරප්පෙරුම ගැනයි අද අපේ කතාබහ, මතුගම ප්‍රාදේශීය සභාවෙන් සිය දේශපාලන දිවිය ආරම්භ කරපු පාලිත තෙවරප්පෙරුම පසුව එහි සභාපතිවරයා බවට නිතරඟයෙන් පත්වෙනවා, ඉන් නොනැවතුන පාලිත තෙවරප්පෙරුම පළාත් සභාවට තේරී පත්වෙනවා ඉන්පසු ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්වෙනවා, ඒ වගේම වනජීවි නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරපු පාලිත තෙවරප්පෙරුම මේ වනවිට පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ නෑ,

පසුගිය දවසක යූටියුබ් නාලිකාවක සමග සිදුකරපු වැඩහටහනකදී ලංකාවේ දේශපාලනය ගැන පාලිත තෙවරප්පෙරුම මහතා කිවුවේ මේ වගේ කතාවක්, ”මේ රටේ දේශපාලනේ කියන්නේ මල්ලි ඉල්ලගේනමයි එන්නේ, ගෙදර ඉන්න ගෑනි විතරයි ඉල්ලන්නේ නැත්තේ, ඉතින් මේ රටේ දේශපාලනය කරද්දී හදවතක් තියෙන තියෙන මනුස්සයෙක් විදියට ඒ මිනිස්සුන්ට උදවු කරාට පස්සේ නවතින්න වෙන්නේ පොඩි මඩුවකට, හැබැයි ගව මඩුවක ඉන්න එකෙක් දේශපාලනයට ගියාම ඒ මිනිහා හදනවා ලොකු මන්දිරයක්, මන්දිරයක ඉන්න කෙනා ඒකත් විකුනලා දේශපාලනේ කරලා අනාත වෙනවා, මිනිස්සුන්ට හරිම පුදුමයි මේවා දැක්කම, මම නම් කියන්නේ සැබෑ දේශපාලයෙක් නම් තමන්ගේ සේසතම ජනතාව වෙනුවෙන් පුජා කරන්න ඕන මම වගේ”

ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න පාලිත තෙවරප්පෙරුම මහතා මේ දවස්වල හැමෝම අතර ගොඩ ජනප්‍රිය චරිතයක් බවට පත්වුනා, ඒකට හේතුව තමයි එතුමා විදේශීය පරණ යුධ බටයෙක් වගේ සැරසිලා ගත්ත චයාරූප කිහිපයක් සමාජ ජාලා හරහා ශෙයා වීම, මේ පින්තූර පලකරලා තිබ්බෙත් එතුමාගේ සමාජ ජාලා ගිමුමක් හරහායි, කොහොම වුනත් මේ පින්තූර කිහිපයට ‘හරිම කෙනාට ගැලපෙනම ඇඳුම දවසක හරියටම හරියන්න ඕන ජීවිත’ ‘කොරියන් යුධ භටයකු වගේ ‘ ‘දුප්පතාගේ හිතවතා, ඇදුම ලස්සනයි’ ‘කැප්ටන් ජැක් ස්පැරෝ මතුගම වර්ශන්’ වැනි අපුරු ප්‍රතිචාර රැසක් ලැබිලා තිබ්බා,

Related Posts

Leave a Reply

Your email address will not be published.