අයියා ඩිවෝස් උනා කියලා නිල්මිනීගෙයි මගෙයි බැඳීම නැතිවුනේ නෑ – ධනංජය සිරිවර්ධන

කළා පවුලකින් රංගනයට පිවිසි ආදරණීය කළාකරුවෙක් තමයි ධනංජය සිරිවර්ධන කියන්නේ, ඒ වගේම තරුණියන් අතර වඩාත්ම ජනප්‍රිය රංගන ශිල්පියන් අතරින් ඉහලින්ම ඉන්නේ කෙනෙක් තමයි ධනංජය කියන්නේ, ඉතින් අපි අද කතා කරන්න තෝරාගත්තේ ඔබත් මමත් ගොඩක් ආදරේ කරන ධනංජය සමග,

ඉතින් ධනංජය පහුගිය කාලෙම අපි ඔබව දැක්කේ අලුත් පරම්පරාවත් එක්ක රඟපාන නිර්මාණ වලින්, ඉතින් කොහොමද අලුත් පරම්පරාව, ඒ අය එක්ක වැඩ කරන්න පහසුයිද…? ”ඔය කතාව සාපේක්ෂයි, අපිට කලින් පරම්පරාව ගත්තොත් ඒ අය එක්ක බලද්දේ අපි අලුත් නේ, මම කොහොමත් ඕනෑම තැනකදී මගේ වැඩේ හරියට කරලා එනවා, මගෙත් එක්ක එක දර්ශන තලයේ රඟපාන අනිත් අයගෙන් හොඳ සපෝට් එකක් ලැබෙනවානම් හොඳයි, වැඩ කරන්න ලේසියි, හැබැයි දැන් හැදෙන පරම්පරාව පුරුදු වෙලා ඉන්නේ තමන්ගේ වැඩේ විතරක් කරලා යන්න. ඉතින් මමත් ඒකම පුරුදු වුනා, හැබැයි කෙනෙක් මගෙන් මේ චරිතය කරන්නේ කොහොමද කියලා ඇහුවොත් මම මට පුළුවන් උපරිමෙන් එයාට මම දන්නා දේවල් කියලා දෙනවා”

අම්මා තාත්තා වගේම ඔබගේ අයියා මධු මාධවත් ඔබට උදවු කරනවා ඇති නේද කියන්නකෝ බලන්න ඒ ගැන විස්තර ටිකක් ”මෙහෙමයි ඒ අය එක එක ක්ෂේත්‍රවල නේ ඉන්නේ ඉතින් මට ඒ අයගෙන් උදවු ලැබෙන්නේ නෑ, මම මධුමාධව අයියා එක්ක කතාබහ කරලා ගොඩක් සමගියෙන් ඉන්නවා, හැබැයි මට කිසිම උදවුවක් ලැබෙන්නේ නෑ,,”

නිල්මිණි තෙන්නකෝන් ඔයාගේ පලවෙනි නෑනා රුපවාහිනී වැඩසටහන් වලදී ඔයාව නිතරම මතක් කරනවා නේද..? ”ලංකාවේ ඉන්න අති ධක්ෂ රංගන ශිල්පිනියන්ගෙන් කෙනෙක් තමයි ඇය, මගේ අයියා මධුමාධ්වගේ පලවෙනි බිරිඳ, ඇත්තටම ඇය මගේ නෑනා උනාට මට එයා මගේම අක්කා වගේ, නෑකම් නැති වුනාට අපි හරිම හිතවත්, එයා අපේ ගෙදරට එද්දී මම පාසල් යනවා, මම හරිම පොඩියි ඒ කාලේ, ළඟදී මම රංගන දායකත්වය දුන්න නාට්‍යයක්නැවත විකාශනය වුනා, ඉතින් ඒක දැකලා එයා ඒක වීඩියෝ කරලා මට එවලා තිබ්බා, අයියා එයාගෙන් ඩිවෝස් උනාට නිල්මිණි තෙන්නකෝන් කියන්නේ තාමත් මගේ අක්ක්කා, නිල්මිනී අක්කයි මගෙයි අතර තියෙන බැඳීම කවදාවත් නැතිවෙන්නේ නෑ”

Related Posts

Leave a Reply

Your email address will not be published.