‘අම්මෝ කවදාවත් නිලියක් නම් බඳින්නේ නෑ’ කඩවසම් නළු කසුන් කියන කතාව

මල් පිපෙන කාලේ ටෙලිනාට්‍ය හරහා බොහෝ තරුණියන්ගේ ආදරය දිනාගත් ඔහු කසුන් තාරක. ඉතින් අපි මේ සුදානම් වෙන්නේ ඔහු ගැන කතා කරන්න. නාවල පිටිය ප්‍රදේශයේ උපත ලබන මොහු කුඩා කාලයේ පටන්ම නළුවෙක් වෙන්න ආස කරපු බවයි අපිට පැවසුවේ. ඒ ගැන ඔහු කිවේ මේ වගේ අදහසක්, “ඇත්තටම මම පාසල් කාලේ ඉදන් නළුවෙක් වෙන්න ආස කලා. ඒ වෙනුවෙන් විවිධ දේවල් කළා. මගේ අම්මා තාත්තා කිවේ ඔය දේනම් කවදාවත් හරි යන්නේ නෑ කියලා. මොකද කොළඹින් දුරපළාතක තමා අපි ඉන්නේ ඒ නිසා.”

නළුවෙක් වෙන්න ආව ගමන කොහොමද, “ආපහු හැරෙනවනම් මට හැරෙන්න තිබුනා. සේරම දාලා ගමට යන්න හිතුව වාරත් තිබුනා. හැබැයි මම විස්වාස කලා මට කවදාහරි අවස්ථාවක් ලැබෙයි කියලා. මගේ අයියා වුනත් විස්වාස කලා මට කවදාහරි මේ අවස්ථාව ලැබෙයි කියලා. එයා තමා මට ගොඩක් උදව් කලේ. මට ගමන දුෂ්කර වුනත් මම ආව ගමන ගැන ඇත්තටම මට සතුටුයි. මොකද මව ලොකු මහන්සියක් වෙලා තමයි මේ තැනට ආවේ. රෑ තිස්සේ බස්වල පවා මම දුක් වින්දා.”

ඔබේ ආදර කතාව ගැන කිවොත්, “ඇත්තටම මට පෙම්වන්තියක් නෑ. පාසල් කාලේනම් ඇත්තටම මට පෙම් සම්බන්ධයක් තිබුනා. නමුත් අපි අතර තිබුන නොගැලපීම් කිහිපයක් නිසා අපි දෙන්නම ඒ සම්බන්දෙ නතර කලා. මොකද නොගැලපෙන තැනක රැඳෙනවාට වඩා එතනින් ඉවත්වෙන එක හොඳයි.”

යුවතියකගෙන් ආරාධනා ලැබුනොත් කසුන් ඒ යෝජනවා පිළිගන්නවද? “මම ගොඩක් සරලව ජිවත් වෙන කෙනෙක්. ම⁣ගේ ජිවිතය වුනත් සරළයි. ඉතින් ඒ නිසාම මම කැමති මම වගේ සරළව ජිවත් වෙන කෙනෙක්. නළුවෙක් විදිහට කසුන්ට ආදරේ කරන කෙනෙක් මට එපා කවදාවත්. මොකද එහෙම කෙනෙත්ට මගේ ජිවිතේ ඇත්ත තත්වය තේරුම් ගන්න බෑ. හැබැයි මාව තේරුම් අරගෙන මාත් එක්ක සරලව ජිවත් වෙන කෙනෙක්ට මම එක්ක ඉන්න ලේසියි. කිසිම දවසක නිළියක්නම් මගේ පෙම්වතිය වෙන එකක් නෑ.”

අනාගත බලාපොරොත්තු ගැන කතා කලොත්, “මම තවම රංගනයට ආදුනික කෙනෙක්. ඉතින් මම ආසයි මේ කලාව ගැන ඉගෙන ගෙන මේ කලාවේ ඉදිරියටම යන්න. දවසක සිනමාවට එකතු වෙන්නත්. ඉතින් රංගනය නිදහස් ලෙස විදින්නයි මම කැමති සහ මම බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම තව පොඩි පොඩි හීන ටිකක් තියෙනවා”

Leave a comment

Your email address will not be published. Required fields are marked *