ලයාන්විත කටහඩකට උරුමකම් කියන ඇය අභිෂේකා විමලවීර. ඇගේ නිර්මාණ බොහෝමයක් රසිකයන් පිලිගන්නේ මුළු හදවතින්මයි. මවක්, ව්යාපාරික කතක්, විශ්ව විද්යාල කතිකාචාර්ය වරියක් වෙමින් කාරයබහුල වෙන ඇය ගැනයි අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ. අභිෂේකා බොහෝ දෙනාගේ ආදරය දිනාගන්නේ ආචාර්ය රත්න ශ්රි විජේසිංහයන් රචිත ගීතය ගායනා කිරිම නිසා. ඉතින් ඒ ලැබෙන ප්රතිචාර ගැන කතා කලොත් “ඒ ලැබෙන ප්රතිචාර අතිවිශාලයි. සැලසුම් නොකර කරපු නිර්මාණයක් වුනත් ප්රතිචාර වල අඩුවක්නම් නෑ. ගොඩක් අයගේ සංවේදි අදහස් ලැබෙනවා මට. මට ලැබෙන ප්රතිචාර ගැන මම සතුටු වෙනවා.”
මේ ගීතය නිර්මාණ කළා කියන වලව්වේ හොල්මන් තියෙනවා කියන කතාව? “ඔව් ඒ ගෙදර හොල්මන් තියෙනවා කියලා හැමෝම කියනවා. දැකපු අයත් ඉන්නවා. රෑට එහේ කාටවත් ඉන්න බෑලු. රෑට ඇවිදින හඩ, කටහඩවල්, හිනාවෙනවා, ගල් ගහන වගේ දේවල් තමා ඇහෙන්නේ. ගේ ඇතුළට යද්දි පොඩි වෙනසක් අපිටත් දැනුනා. මම කට්ටිය ඉද්දි උඩ තට්ටුවට ගියත් මට මහ අමුතු හැගිමක් දැනුනා. ඒ නිසා මමත් පහළට ගියා. සමහ දවස්වලට එහෙ ඉන්න අය නිදාගන්නේ එලියෙලු. ඒ ගෙදර හොල්මල් තියෙනවා කිවත් මටනම් ඒ ගෙදර වාසනාව ගෙනාවා. මොකද මේ තරම් දුරට ඒ ගීතට ජනප්රිය වුනා. මගේ නිස්සාර ගීතයත් නිර්මාණය වුනේ එහේ. ගීත දෙකම එකවගේ ජනප්රිය වුනා.”

දැන් සමාජයේ කලාකරුවට හිමි තැනගැන කතා කලොත්, “එදා තිබුන වටිනාකම අද කලාකරුවන්ට නෑ. මොකද ගොඩක් අය ගොසිප් හදාගෙන ජනප්රිය වෙන්න බලන්නේ. ඒ නිසයි හැමෝටම ඒ ගරුත්වය නොලැබෙන්නේ. මම හිතන්නේ කලාකරුවෙක් ඔවුන්ගේ පෞද්ගලික ජිවිතේ ප්රසිද්ධ නොකල යුතුයි. මොකද කළු පැල්ලමක් ඇති වුනොත් ඒක මකන්න අමාරුයි. මම නම් නිතර හිතන්නේ මගේ ගෞරවය ගැන. මට හැමදේකටම වඩා ඒ දෙ වටිනවා.”
පවුල් ජිවිතේ ගැනත් කතා කලොත්, “දුවත් එක්ක කාලය ගෙවිලා යනවා. ගොඩක් අය මගෙන් අහනවා මම ඩිවෝස වෙලා ද ඉන්නේ කියලා. අපි නිතර නොදැක්කට අපි අතරේ එහෙම දෙයක් නෑ. අපි ගොඩක් සතුටින් ජිවත් වෙනවා. අපි අතරේකිසිම ප්රශ්නයක් නෑ. මම මගේ පුද්ගලික ජීවිතේ කලාවට සම්බන්ද කරගන්නේ නෑ. ඒකයි ගොඩක් අයට එහෙම හිතෙනවා ඇත්තේ”