‘අම්මා නිතරම කියන්නේ දැන් කෙනෙක් හොයාගන්න කියලා’ – ජනප්‍රිය නිලි අවිශ්කා

දෙරණ අවුරුදු කුමරිය හරහා කලාවට සම්බන්ධ වෙන ඇය අවිශ්කා උමයංගි. හිතුවක්කාර ටෙලි නාට්‍යය හරහා කලාවේ දක්ෂතා පෙන්වන ඇය ගැනයි අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ. මුලින්ම හිතුවක්කාර ටෙලි නාට්‍යයේ චරිතය ගැන කතා කලොත්, ”මම හිතන්නේ මේ ටෙලි නාට්‍යය මට ලැබුණු චරිතය මගේ සැබෑ ජීවිතයට ගොඩක් සමීප චරිතයක් කියලා. මගේ චරිතය සාර්ථක කරගන්න කේෂාන් අයියා මට ගොඩක් උදව් කරනවා. මම දෙබස් කියන්න ඕන විදිහ කැමරාව දිහා බලන්න ඕන විදිය එයා මට පැහැදිලිව කියලා දෙනවා.”

අවිශ්කාට ආදරේ ගැන තියෙන්නේ මොන වගේ අදහසක්ද, ”මම හිතන්නේ ආදරේ කියන දේ මම කරන්න දන්න කෙනෙක්, ආදරේදි අවංක කෙනෙක්. මම ආදරේ කරද්දි මට ආදරේ කරන කෙනාගේ තත්ත්වය වැදගත් වෙන්නේ නැහැ. එයාගේ මනුස්සකම තමයි මට ගොඩක් වැදගත් වෙන්නේ. බොරු සෝබන චරිත වලට මම කැමති නෑ. මට කොහොමත් ඕනේ පොළොවෙ පය ගහල ජීවත් වෙන කොල්ලෙක්. එහෙම කෙනෙකුට කවදාහරි මම ආදරේ කරයි.”

යෝජිත විවාහකයකට කැමතිද ඔබ, ”මට ගෙදරින්වත් ඒ දේට බල කරලා නැහැ, අම්මා උනත් නිතරම මට කිව්වේ මට ගැළපෙන කෙනා හොයාගන්න කියලා. විවාහය කියන්නේ දෙදෙනකු අතර අදහස් ගැලපිමක්. මම හොයා ගන්න කෙනෙක්ට අම්මා අනිවාර්යෙන්ම ආශිර්වාද කරනවා. මොකද මගේ සතුට තමයි අම්මගෙ සතුට.”

ඔබ ගුවන් සේවිකාවක් වෙන්න නේද ආසාවෙන් හිටියේ, ”ඒ ලෙවල් ඉවර ඉවරවෙලා මට ආසාවක් තිබුනා ගුවන් සේවිකාවක් වෙන්න. පළමු සම්මුඛ පරීක්ෂණයට ද මම ඉදිරිපත් වුණා, හැබැයි එහිදී මම සමත් වුණේ නැහැ. දෙවැනි අවස්ථාවෙත් මම උත්සහ කරන්න තීරණය කරලා තිබියදි දෙරණ අවුරුදු කුමරිය ට මම අයදුම්පත් යොමු කළා. දෙරණ අවුරුදු කුමාරි ජයග්‍රහණයත් එක්ක මගේ ගමන් මග වෙනස් වුනා. රංගනය කියන කලාව තුළින් මම සතුටක් විඳින්න පටන් ගත්තා. ඉතින් ඒ නිසාම ගුවන් සේවිකාවක් වීමේ සිහිනය මගින් මග හැරුණා .

දිගටම කලාවේ ඉන්නද බලාපොරොත්තුව, ”ඇත්තටම මම දැන් රංගනය කියන ක්ෂේත්‍රයට ගොඩක් කැමතියි. රඟපෑම ගැන ඉගෙනගෙන මේ ක්ෂේත්‍රයේ ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. මම රඟපාන්නෙ මට ගැළපෙන චරිත විතරයි.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *