Fri. Jan 28th, 2022

සංජානා ගමආරච්චි කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක්, ඉතින් අදත් සූදානම් වෙන්නේ ඇය හා කතා කරන්නයි. මුලින්ම සංජානාගේ පවුල ගැන කතා කළොත්, ”අපේ පවුලේ මට තව එක නංගි කෙනෙක් ඉන්නවා, පවුලෙ වැඩිමල් ළමයා මම. ජීවිතේ අපි නොහිතපු විදියට අපේ අම්මා අපිව දාලා යනවා. අදටත් අම්මා නැති නැති පාලුව පාළුව දැනෙනවා. අම්මයි තාත්තයි දෙන්නම වැඩ කළේ වැඩකලේ ගුවන් හමුදාවේ. අම්මගේ ආදරේ දෙන්නා අදටත් කාටවත් පුළුවන් වෙලා නැහැ.අපිට ආයි කවදාවත් අම්මගේ ආදරය ලැබෙන්නෙත් නැහැ.

කුඩා කාලයේ ආස කළේ කවුරු වෙන්නද, ”මට යමක් කමක් තේරෙන කාලේ ඉඳන් මම ආස කළේ නිළියක් වෙන්න, සමහරු මගේ හීනය කියද්දි මට හිනා උනා. හැබැයි මං මගේ හීනය අතාරින්න ලෑස්ති වුණේ නෑ. මම තනියම කණ්ණාඩිය ඉස්සරහා රඟ පෑවා. රූපවාහිනියේ ඒ කාලේ නළු නිළියන් දකිද්දී මම එයාලට ඔයාලට ගොඩක් ආස කළා. කොහොමහරි අවසානයේ මම නිළියක් වුණා.

සංජානාට ලැබෙන රසික ආදරය ගැන මොකද හිතෙන්නේ, ”මට ලැබෙන රසික ආදරය ගැන මට ගොඩක් සතුටුයි. මට එන්න එන්න වැඩත් වැඩි වෙනවා. මේ හැමදේම රසිකයන්ගෙන් ලැබෙන ආදරය නිසා. මම හිතන මගේ ලොකුම වත්කම මගේ රසිකයන්.”

ඔබ මේ වෙද්දි ආදරවන්තියක්ද, ”මම කාලයක් පෙම්වතියක් වෙලා හිටියා. සෘජු ජීවිතවල ලැබීම් නොලැබීම් කියලා දෙකක් තියනවා. අවශ්‍ය කෙනා අපිට අවශ්‍ය තැනදී අවශ්‍ය විදියට මුණගැහෙනවා. මම හිතන්නේ අම්මා තරම් ආදරේ කරන්න කිසිම කෙනෙක් මේ ලෝකෙ නැහැ. මම කාලයට ඉඩ දීලා බලාගෙන ඉන්නවා. ලොකු බලාපොරොත්තු හිතේ තියාගෙන ජීවත් වෙන්නේ නැහැ .

ඔබ කොයි වගේ කෙනෙක්ද, ”මම කෙලින් කතා කරන සරල චාම් කෙනෙක්. මොන ප්‍රශ්න ආවත් මොන විදියට කවුරු මාව වැඩුවත් මං මගේ ගමන යන කෙනෙක්. කෙළින් තීරණ ගන්න කෙලින් ජීවිතයට මූණ දෙන කෙනෙක්. හැබැයි මං ටිකක් කටකාර කෙල්ලෙක්. හරි දේ කරන්න දෙපාරක් නොහිතන කෙනෙක්. අවශ්‍ය තැනදි කතා කරන්නත් බය නැහැ .

ජීවිතේ බිඳ වැටුණු ලොකුම දේ ගැන කතා කළොත්, ”ඒ අම්මගේ ආදරය. මට හැම වෙලාවකම හිතෙනවා අම්මා හිටියානම් කියලා. ඒ අඩුව මට තදින්ම දැනෙනවා. ඉස්සර මගේ වැඩ වලට එයා ගොඩක් උදව් කරනවා. එයා නැති අඩුව කාටවත් පුරවන්න බැහැ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *