Fri. Jan 28th, 2022

පුංචි තිරය තුල එය දකින්න ලැබුණත් මේ දිනවල ඇය ගැන කතා කරන්නේ සිනමාව නිසා. අද සමාජයේ බොහෝ දෙනෙක් කතා බහට ලක්කරන බොහෝ දෙනෙක් නරඹන චිත්‍රපටයක් තමයි underpants Thief (ජංගි හොරා) කියන්නේ. මෙම චිත්‍රපටයේ කරුණා ලෙසට රඟපාන ඇය බුද්ධි රන්දෙණිය. මේ දිනවල ඇය ප්‍රසිද්ධ කරුණා කියන නමින්.

ඔබට කරුණා චරිතය ලැබෙද්දි හිතට දෙගිඩියාවක් ආවේ නැද්ද මේ චරිතේ විවේචනයට ලක් වෙයි කියලා, ”කොහෙත්ම නැහැ. පිටපත කියවලා දවස් තුනක් අරගෙන වචනෙ දෙන්න කිව්වත් පිටපත කියවපු ගමන් මම මේ චරිතයට කැමැති වුණා. මට මේ චරිතය ලැබුණේ මම විශ්ව විද්‍යාල කටයුතු අවසන් කිරීමත් සමගමයි. මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය උපාධිධාරිනියක්. පිටපත කියවද්දි ම මට මේකේ රහ තේරුණා. රඟපාන්න පුළුවන් කියලා මට හිතුනා. මම වෘත්තියක් විදිහට මනෝ විද්‍යාව මනෝ විද්‍යාව හදාරන කෙනෙක්. මේ හැමදේම එක්ක මම මේ චරිතයට වඩාත් කැමැති වුණා.”

පුංචි කාලේ ඉඳන්ම ආස කළේ රංගන ශිල්පිනියක් වෙන්නද, ”පුංචි කාලේ ඉඳන්ම මම නර්තන ශිල්පිනියක් වෙන්න හීන දැක්කා. හැබැයි මගේ අම්මා මට ඒක විනෝදාංශයක් විදිහට කරන්න කියලා දුන්නා. නර්ථන ශිල්පිනියක් නිවේදිකාවක් වෙන්න තමයි මගේ හීනය තිබුණේ”

කරුණා කියන චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද, ”මුලින්ම මම බයෙන් හිටියේ මේ චරිතයට ගල් මුල් එල්ල වෙයි කියලා. ඉස්සර මම නැගිටපු ගමන් මුහුණ පොතට නොගියත් දැන් නැගිටපු ගමන් කරන්නේ චරිතයට ලැබිලා තියෙන ප්‍රතිචාර දිහා බලන එක. මම අද වෙනකම් මගේ චරිතයට වචනවලින් බැනපු කෙනෙක් දැකලා නැහැ. මම විශ්වාස කරලා අපි හිතන තරම් ඒ සමාජය නරක කුරිරු නැහැ කියලා. අපි හොඳ සිතින් දෙයක් කළත් අපිට ඒකට නිසි ඇගයීමක් ලැබෙනවා. මට හිතරිදෙන ප්‍රතිචාර ලැබිලා නැහැ. ඇත්තටම මම කරපු වැඩේ ගැන මම සතුටු වෙනවා.”

ඔබ බුද්ධි මනෝ විද්‍යා උපදේශකවරියක්, ”ඔව් මම වැඩි වශයෙන් ම කටයුතු කරන්නේ කුඩා දරුවන් සමග. විශේෂ අවශ්‍යතා ඇති දරුවන් අධ්‍යාපනය දුර්වල දරුවන් විවිධ මානසික පීඩාවන්ට ගොදුරුවන දරුවන් එක්ක මම කටයුතු කරනවා. මනෝචිකිත්සනය හරහා මම ඔවුන්ව සුවපත් කරනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *