අම්මලා දුවලා වුනාම මෙන්න මෙහෙම ඉන්න ඕන – සුන්දර නිලි සචිනි පුංචි දුවත් එක්ක කොහේද මේ ගිහින් තියෙන්නේ

කළා ලෝකයේ කාගේත් අවධානය දිනාගෙන ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්, නිරූපිකාවක් වගේම නිෂ්පාදකවරියක ලෙස හඳුන්වන්න පුළුවන් චරිතයක් තමයි සචිනි අයේන්ද්‍රා ස්ටැන්ලි කියන්නේ. 1965 වසරේ ජුනි 08 වන දින උපන් සචිනි මේ වනවිට 57වන වියෙහි පසුවනවා. ඒ වගේම ඇය 2003 වසරේ ශ්‍රී ලංකා රූ රැජින කිරුළ හිමිකරගන්නත් සචිනි අන්ද්‍රා සමත් වෙනවා, ඉතින් අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ කාගේත් ආදරේ දිනාගෙන ඉන්න සචිනි සමගයි. සචිනි පාසල් කාලයේත් නිරූපිකාවක විදියට ප්‍රසිද්ධයි කියන්නෙ ඇත්තද..? ”මම පාසල් අධ්‍යාපනය හැදෑරුවේ මහනුවර හිල්වුඩ් විද්‍යාලයෙන්. ඒ කාලයේ පාසලේ පැෂන් ෂෝ, මියුසිකල් ෂෝ, නාට්‍ය සියල්ලටම සම්බන්ධ වුණා. ගොඩක් අය මොඩ්ල් කරන්නෙ පාසලෙන් පිටත් වුනාට පස්සේ හැබැයි මට පාසල් කාලයේදීම මොඩ්ල් කරන්න වාසනාව ලැබුණා.”

සමහර අය කියනවා අම්මා කෙනෙක් වුනාට පස්සේ දරුවන්ගේ වැඩත් එක්ක රූපය ගැන හිතන්න වෙලාවක් නෑ කියලා කියනවා, හැබැයි අපිට පේනවා ඔබ ගොඩක් සුන්දර විදියට ඉන්නවා. මොකද්ද ඔබගේ සුන්දරත්වයේ රහස ”මෙහෙමයි මටත් දරුවෝ ඉන්නවා. හැබැයි මම දරුවන් ගැන වගේම මම මගේ ගැනත් ගොඩක් හිතනවා. කෙනෙක්ට උවමනාව තියෙනවනම් කරන්න බැරි දෙයක් නෑ කියලයි මම හිතන්නේ. සමහර අය තමන්ගේ රැකියාව කරන්නේ සතුටින් නෙවෙයි කම්මැලිකමෙන්. ඒත් මම මගේ රැකියාවට ආදරෙයි, ඉතින් තමන් තමන්ගේ අවට ඉන්න අයට වගේම තමන්ටත් ආදරේ කරන්න පටන්ගත්තම සුන්දරත්වයේ රහස හොයාගන්න පුළුවන් වේවි”

සචිනිගේ අනාගත බලාපොරොත්තු මොනවද ”මගේ අනාගත බලාපොරොත්තුව මම මැරෙන තුරුම රංගන ශිල්පිනියක ලෙස වැඩ කරන එක තමයි. මොකද මම පොඩි කාලයේ ඉඳන්ම හීන මැවුවේ රංගන ශිල්පිනියක් වෙන්න. මම ඒ බලාපොරොත්තුව කොහොම හරි ඉෂ්ට කරගත්තා. මොකද මගේ කවුරුවත් කලාවට සම්බන්ද නෑ තනියම ආව ගමනක් මේක. මම මේ වෘත්තියෙ නියැළෙන්නෙ හරිම ආසාවෙන්.”

ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න සචිනි පසුගිය දවසක හැමෝම අතර කතා බහට ලක්වෙන චරිතයක් වුනා ඒකට හේතුව තමයි ඇය පසුගිය දවසක ඇයගේ සමාජ්ජාලා ගිණුමට එකතු කරලා තිබ්බ පින්තූර කිහිපය සහ සටහන ඒ තමයි “ඉරිදා චිත්‍රපටියක් බලන්න ගියා. පසුව මගේ දුව සමඟ රාත්‍රී ආහාරය ගත්තා. හෙට තවත් කාර්යබහුල සතියක් ආරම්භ වෙනවා”, ඉතින් මේ පින්තූර කිහිපයට ඇයගේ රසිකයින් විශාල පිරිසක් ප්‍රතිචාර දක්වලා තිබ්බා.

Related Posts

Leave a Reply

Your email address will not be published.