Tue. May 17th, 2022

කළා ලෝකයේ ඉන්න සුන්දර වගේම හුරුබුහුටි රංගන ශිල්පිනියක් තමයි ටාශියා කාලිදාස කියන්නේ. මේ දවස්වල විකාශනය වන ‘Happy Birthday’ සිනමා පටය හරහාත් බට ටාශියා දැකබලාගන්න පුළුවන්. ඒ වගේම් ඇය පසුගිය දිනක විදේශීය සිනමාපටයකටත් සිය රංගන දායකත්වය ලබාදීලා තිබුනා. ඉතින් අපි හිතුවා මේ දවස්වල හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ටාශියා එක්ක ටිකක් කතා කරන්න.

ටාශියා ඔබ පුංචි තිරයේදී ටාෂියාව දකින්නත් ලැබුණේ නිර්මාණ සුළු සංඛ්‍යාවකින් පමණයි. ඔබ නිර්මාණ බාරගද්දී තෝරාගැනීමක් කරනවද ”ඇත්තටම ඔවු මොකද මම මේ වනවිට සම්බන්ද වෙලා තියෙන්නේ නිර්මාණ කිහිපයකට විතරයි අනිත් ලැබුන නිර්මාණ මම බාරගත්තේ නෑ. මොකද මට ඒ පිටපත් සෑහීමකට පත්වෙන්න බැරි වුනා සරලවම කියනවනම් මම හැම නිර්මානයකම රඟපාන නිලියක් නෙවෙයි.”

ටාෂියා ඔබ නිළියක් වෙන්න පුංචි කාලේ ඉඳන් හීන දැක්කද? ”අනේ නැහැ, මට එහෙම බලාපොරොත්තුවක් තිබ්බෙම නෑ. මේක අහම්බයක්. මගේ අම්මා කලාවට ගොඩක් ආසයි. අදටත් මට මගේ අම්මගෙනුයි, තාත්තගෙනුයි ලොකු සහයෝගයක් ලැබෙනවා. අම්මයි තාත්තයි තමයි මාව නිලියක් කලේ, මම පවුලේ බාලයා. මගේ අක්කා විවාහකයි. පුංචි කාලේ මම හරිම ආසාවෙන් හිටියේ වෛද්‍යවරියක් වෙන්න දැන් මම ආස ගුවන් සේවිකාවක් වෙන්න.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *